(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ දෙවන ස්වභාවික වායු විදුලි බලාගාරය මුතුරාජවෙල ඉදිකරන බව නිවාස සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

එහි ඉදිකිරීම් කටයුතු ලබන වසරේදී ආරම්භ කිරීමට නියමිත අතර එහි ඉදිකිරීම් කටයුතු අවසන් වන්නේ 2026 වසරේදීය. මෙමගින් ජාතික විදුලිබල පද්ධතියට අලුතින් එකතු වන විදුලි ධාරිතාවය මෙගාවොට් 350 කි. එය ඉදිකිරීමට වැය වන මුදල රුපියල් මිලියන 750 ක් වේ. 

මෙම බලාගාරය ඉදිකිරීම් සදහා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් මුතුරාජවෙල පිහිටි අක්කර 10ක ඉඩමක් ලබා දී තිබේ. මෙම ඉඩම ලබා දීමට අදාළ ගිවිසුමට අත්සන් තැබීම ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පරිශ්‍රයේදී සිදු කෙරිණ.  

ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව වෙනුවෙන් එහි සභාපති රියර් අද්මිරාල් හිරාන් බාලසූරිය මහතා සහ ලංකා විදුලිබල මණ්ඩලය වෙනුවෙන් එහි සභාපති නලින්ද ඉලංගකෝන් මහතා ගිවිසුම සදහා අත්සන් තැබූහ.