IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ජොනතන් 191වැනි උපන් දිනය සමරයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ගොඩබිම සිටින ලොව වයස්ගතම  සත්වයා වන ජොනතන් නම් කැස්බෑවා ශාන්ත හෙලේනා දූපතේදී ඔහුගේ 191 වැනි උපන්දිනය පසුගියදා සැමරුවේය.

වයස අවුරුදු 191 ක් ලෙස වාර්තාවල සඳහන් වූවත් ජොනතන්ගේ වයස අවුරුදු 191 කට වඩා වැඩි බවද පැවැසෙයි.

ජොනතන් ගොඩබිම සිටින ලොව වයස්ගතම සත්වයාට හිමි ලෝක වාර්තාවටද හිමිකම් කියයි.

ජොනතන් 1832 වසරේදී නැගෙනහිර අප්‍රිකාවේ උපත ලබා ඇතැයි විශ්වාස කෙරේ.

1882 වසරේදී සීෂෙල්ස් රාජ්‍යයේ සිට ජොනතන් ශාන්ත හෙලේනා දූපතට රැගෙනවිත් තිබේ.

ඇසේ සුද පැමිණ අන්ධ වී ඇති නමුත් ජොනතන් හොඳ ශරීර සෞඛ්‍යකින් සිටින බවද වෛද්‍යවරු පවසා ඇත.

ජොනතන්ට ගඳ සුවඳ දැනීමේ හැකියාව නැති වී ඇතත් කෑම රුචිය නැතිවී ගොස් නොමැති බව වෛද්‍යවරු පෙන්වා දුන්නේය.

මේ වනවිට ජොනතන් ශාන්ත හෙලේනා දූපතේ ආණ්ඩුකාරවරයාගේ නිවසේ අවුරුදු 141 ක් ජීවත් වී ඇත.

 



අදහස් (0)

ජොනතන් 191වැනි උපන් දිනය සමරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 102 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 906 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site