
(විමුක්ති එස් රුද්‍රිගු)
දකුණු පිලිපීනයේ මින්ඩනාඕ දුපතේ රික්ටර් මාපකයේ අවම වශයෙන් 7.5 ක අගයක් ගත් භූමිකම්පාවක් අද (02) රාත්‍රී කාලයේ හටගෙන ඇතැයි පිලිපීන මාධ්‍ය වාර්තා කර ඇත.
භූමි කම්පාව හට ගැනීමත් සමඟ සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කළ අතර මීටර් 3 ක් තරම් ඉහළ සුනාමි රළ ඇති විය හැකි බවත් එම තත්ත්වය පැය කිහිපයක් පැවතිය හැකි බවත් පිලිපීන භූ කම්පන ඒජන්සිය වූ පිවොල්ක්ස් ප්‍රකාශ කළේය.
භූමිකම්පාව හටගැනීමත් සමඟ නිරිතදිග ජපාන වෙරළ තීරය ආසන්නයේ ඇතැම් ප්‍රදේශ වල ජනතාව සහ මින්ඩනාඕ දූපතේ භූමි කම්පාව ඇති වූ ප්‍රදේශයේ ජනතාව ආරක්‍ෂිත ස්ථාන කරා ඉවත් කිරීමට ජපාන සහ පිලිපීන බලධාරීන් කටයුතු කර තිබේ.
ඇමෙරිකා එක්සත් ජනපද සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතියද සුනාමියක් ඇති විය හැකි බවත් මීටර් 3 දක්වා උස සුනාමි රළ ඇති විය හැකි බවත් අනතුරු අඟවමින් ප්‍රකාශ කළේය.
භූමි කාම්පාව හේතුවෙන් සිදු වූ හානිය පිළිබඳ තවම නිසි තොරතුරක් ලැබී නොමැති බව පිලිපීන බලධාරීන් පැවැසුවේය.

2025 නොවැම්බර් මස 04
213
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2079
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1592
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පිලිපීනයේ ප්‍රබල භූ කම්පනයන්: සුනාමි තත්වයක් එයි