
(ලක්ෂ්මී ජයකොඩි)
ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නව නායකත්වය සදහා එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකු වන එම් ඒ සුමන්තිරන් හා සිවඥානම් ශ්‍රිධරන් යන මහත්වරු නාමයෝජනා බාර දී ඇත.
ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ ජාතික සමුලුව ලබන වසරේ ජනවාරි මාසයේදි පැවැත්වීමට නියමිත අතර එහි පක්ෂයේ නව නායකත්වය නිවේදනය කරන බව එම පක්ෂයේ වත්මන් නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මවෙයි සේනාධිරාජා මහතා පැවසීය.
2024 ජනවාරි මාසයේ 20 වනදා එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී පක්ෂයේ නව නායකයා තීරණය කිරීමටත් නව නායකත්වය සදහා එකකට වැඩි නාමයෝජනා ලැබී තිබුණහොත් ඊට පසුවදා පොදු කාරක සභාව රැස්වී නව නායකත්වය තීරණය කරනු ලබන බවත් ජනවාරි 28 වැනි දා නව නායකයා පක්ෂය අමතනු ඇති බවත් ඉකුත්දා රැස්වු මධ්‍යම කාරක සභාවේදි තීරණය කෙරුණි
ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ ප්‍රකාශකයෙකු සදහන් කළේ මීට පෙර කිසිදු අවස්ථාවක පක්ෂයේ නායකත්වය තෝරා ගැනීමට ඡන්දයක් නොපැවැත්වුණු අතර පක්ෂ නායකයා පක්ෂය විසින් එකමතිකව තෝරා ගැනුණු බවත් කෙසේ වෙතත් මෙවර එම සම්ප්‍රදාය වෙනස් වනු ඇති බවත්ය.
2025 දෙසැම්බර් මස 16
102
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
905
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායකත්වයට නම් දෙකක්