IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


හන්තානේ අතරමං වූ සරසවි සිසුහු සොයා ගැනෙති

(සුරංග රාජනායක, ගයාන් සූරියආරච්චි, ජේ.ඒ.එල්. ජයසිංහ,  ධම්මික ගුණවර්ධන, සහ  ෂේන් සෙනෙවිරත්න)

මහනුවර හන්තාන කන්ද පෙරේදා (2) තරණය කරමින් සිටියදී අතරමංව සිටි රාගම වෛද්‍ය පීඨයේ සිසු සිසුවියන් 180 දෙනකු සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනකු පැය දහයක පමණ මෙහෙයුමකින් අනතුරුව මුදවා ගැනීමට හැකිවූ බව මහනුවර මූලස්ථාන පොලිසිය සහ මහනුවර 111 වැනි යුද හමුදා බලසේනාංකය පවසයි.

මුදවා ගත් සිසුන් අතරින් එක් සිසුවකු සහ සිසුවියන් 2 දෙදෙනකු ගිලන් රථයකින් මහනුවර මහ රෝහල වෙත පිටත් කර යැවීමට යුද හමුදාව සහ පොලිසිය පියවර ගත් අතර සිසුවකු සහ සිසුවියක අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කෙරිණි.

රාගම වෛද්‍ය පීඨයේ සිසුන් පෙරේදා (2) පෙරවරු 11.00 ට පමණ හන්තාන කන්ද තරණය කිරීම සදහා පිටත්ව ගෙස් තිබූ ඇති අතර සවස 5.30 පමණ වන විට මීදුම, අධික සීතල, අඳුර සහ වැස්ස හේතුවෙන් මාර්ගය මග හැරී අතරමංවී සිටි බව පොලිසිය කියයි.

අතරමංව සිටි සිසුන් පිරිසක් විසින් පොලිස් හදිසි ඇමැතුම් අංශයට ලබාදුන් පණිවුඩයක් මත රාත්‍රී 11.00 ට පමණ පොලිස් කණ්ඩායම් සහ යුද හමුදා භට පිරිස් අතරමංව සිටි සිසුන් සොයා මෙහෙයුම් ආරම්භ කළහ.

අධික වැස්ස හේතුවෙන් හන්තාන කන්ද තරණය කරන මාර්ගය කැඩී ගොස් තිබූ අතර රාත්‍රී 1.00 ට පමණ තවත් යුද හමුදා කණ්ඩායමක් කැඳවීමට සිදුවිය. පසුව 40 ක ආසන්න යුද හමුදා භට පිරිස් සහ පොලිසිය එක්ව සිසුන් බේරාගැනීමට විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.

සිසුන් ගලවාගැනීමේ මෙහෙයුම ඊයේ (3) අලුයම 4.00 පමණ වන තෙක් සිදුවිය. තම දරුවන් දැකගැනීමේ අභිප්‍රායෙන් විවිධ ප්‍ර දේශවල සිට මවුපියන් රැසක් හන්තාන කන්ද පාමුලට පැමිණ සිටි අතර ප්‍ර දේශවාසීහු විශාල පිරිසක් ද එක්රැස්වී සිටියහ.

මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක සහ මහනුවර 111 වන බලසේනාධිපති බ්‍රිගේඩියර් සාලිය ඩයස් යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි සිසුන් මුදවාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක විය.

 



අදහස් (8)

හන්තානේ අතරමං වූ සරසවි සිසුහු සොයා ගැනෙති

Pradeep Sunday, 03 December 2023 09:52 AM

මේ වෙනුවෙන් වැය වූ කාලයට, ශ්‍රමයට අදාලව වටිනාකමක් මේ විශ්ව විද්‍යාල සිසුන්ගෙන් අයකර ගත යුතුමයි.

:       12       22

NimalSunday, 03 December 2023 12:17 PM

ඒ විදිහට ගත්තොත් රජයේ රෝහල්වලට එන හැම ලෙඩෙක්ගෙනුත් සල්ලි අයකරගත යුතුයි. මොකද කවුරුත් හිතලා ලෙඩ වෙන්නේ නෑ. කරදරේ වැටෙන්නේ නෑ. අනතුරුවලට හිතලා පත්වෙන්නේ නැහැ. තමන්ට හන්තානේ යන්න බැරිවුණු එකට ගිය අයට ඊර්ෂයා කරන්න එපා...

:       13       21

ajith Sunday, 03 December 2023 03:14 PM

මොලේ කලඳක් තියෙන කෙනෙක් මේ තරම් වහින කාලේ හන්තාන නගිනවාද?

:       5       27

Asela Sunday, 03 December 2023 04:18 PM

ඔබ හිතන්නේ ඔබට මොලේ කලං කීයක් තියෙනවා කියලාද?

:       12       5

මැක්ස් Sunday, 03 December 2023 03:42 PM

විවි සිසුන් විසින් නිරන්තරයෙන් "අට සමතුන්" යැයි සමච්චලයට ලක්කරන ආරක්ෂක හමුදාවේ සහය ඔවුන්ටම අවශ්‍ය වීම දෛවෝපගතයි.

:       4       24

නිහාල් Sunday, 03 December 2023 05:11 PM

ඇමේසන් වගේම හන්තානත් විශාලයි...

:       3       6

nisal Sunday, 03 December 2023 08:06 PM

GOMA නඩය විසින් ප්‍රතික්ෂේප කරපු 1990 සුවසැරියේම පොඩි GOMA ලට යන්න වුණු එකනම් ශෝක්. දැන් අවුලක් නැද්ද දන්නේ නෑ...

:       1       4

primeshika Sunday, 03 December 2023 09:00 PM

මොවුන්ගේ කොහේවත් තියෙන අමාරුවකට ගිහිල්ලා අතරමං වුණාම ජනතාවගේ බදුමුදල් නාස්ති කිරීම සාධාරණද? 

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 102 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 905 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site