(අංජුල මහික වීරරත්න)
දේශීය සහ විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනින් පසු මෙම දෙසැම්බරයේ දී ලංකාවට ඩොලර් මිලියන 780 ක මුදලක් ලැබීමට නියමිතව පවතී.
දේශීය සහ විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනට මේ වන විට ණය හිමියන් එකඟතාවය පළ කර ඇතැයි ඉකුත්දා නිවේදනය කෙරිණි.
මේ වන විට විදෙස් ණය හිමියන් මෙන්ම පෞද්ගලික ණය හිමියන්ද ලංකාවට ණය සහන කාලයක් ලබා දීමට එකඟ වී ඇති අතර ණය සහ පොලිය ගෙවීමේ කාලය දිගු කිරීමටත් ණය පොලිය යම් පමණකින් කපා දැමීමටත් තීන්දු කර ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට පිරිනමන දෙවෙනි වාරිකය වන ඩොලර් මිලියන 330 ක මුදල ලබන සති දෙක ඇතුලත නිදහස් කිරීමට නියමිතය.
ඒ සමඟ ඇති කරගෙන තිබෙන එකඟතා මත ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 250ක් නිදහස් කිරීමට නියමිතව පවතී. ආසියා සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන දෙසීයක් ලබාදීමටද නියමිතය.
ඒ අනුව ලබන දෙසැම්බර් මාසය ඇතුළත ඩොලර් මිලියන 780ක් හෙවත් රුපියල් බිලියන 257ක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව අැතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.
2025 දෙසැම්බර් මස 16
102
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
906
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ලංකාවෙ පසුම්බියට රුපියල් බිලියන 257ක් වැටෙයි
ravin Saturday, 02 December 2023 03:34 PM
කල්ල මරේ...! හොරු ටික අලුත් ඇඳුම් එහෙම මහලා දතකට මැදගෙන සැරසේවි ආපසු හොරකමට...
Lal Saturday, 02 December 2023 04:18 PM
ජෙප්පෝ මේවාට කැමැති නෑ...
samanSaturday, 02 December 2023 04:57 PM
රටම හූරන් කාලා, මේ තරම් ව්‍යසනයකට රට පත්වෙන්න මූලිකම හේතුව මොහු සහ මොහුගේ පරම්පරාව... ඔව් ඉතින් ඔබලා වගේ කම්බහොරු කැමැති ඇති රටම ණයවෙලා පවුල් නඩත්තු කරන්න.. කොමිස් ගහන්න.. පිටරටවල ඉඩම් ගන්න... තමගේ ගැහැණු, හොර ගැහැණු, හොර මිනිහාලා එක්කලා රට සවාරි යන්න මේ කාලකන්නි දේශපාලකයින්ට අවස්ථාවක් ලබාදෙන්න. තවතවත් ලංකාවේ ගැහැනු, පිට රට වලන් හෝදන්න යවමු, ගම්වල ඉන්න පිරිමි ඔක්කොම කුලී වැඩට රට පටවමු. ඒ ලැබෙන ඩොලර් වලින් ණයටික ගෙවමු...! මහින්ද මාත්තියාට ජය, රනිල්ට ජය, බැසිල්ට ජය, නාමල්ට ජය....
Rata PerataSaturday, 02 December 2023 05:26 PM
ජෙප්පෝ විතරක් නෙවෙයි, මොලේ කළඳක් තියෙන කවුරුවත් කැමැති නෑ ණයට අරගෙන කන්න. ඔයවගේ මෝඩයින් නිසා තමයි දේශපාලකයෝ ඕන විදිහට හොරකම් කරන්නේ...
IbbaSaturday, 02 December 2023 06:21 PM
ණයට ගන්නවා කියන එක හොඳ දෙයක් නෙවෙයි.
ධනුෂ්ක Sunday, 03 December 2023 09:06 AM
කවුද ණය ගන්නවාට කැමැති. හිඟනකමට කරන්න දෙයක් නැතුව ගන්නවා මිසක්...!
Aruna Saturday, 02 December 2023 04:58 PM
ඔව්, ඔව් ... හොරුන්ට තව දොළ පිදේණියක් හම්බවෙනවා... පහුගිය කාලේ හතේ හත වැදිලනේ හිටියේ... දැන් කල්ල මරේ වෙයි...
නාරද රත්නායක Saturday, 02 December 2023 09:28 PM
ඉන්න හොරු පන්නමු... ඒක කරන්න පුළුවන් ජනතාවට හොර නැති බොරු නැති මාලිමාව පෙන්වන පාරේ අපි හැමෝම යමු...
rocky Sunday, 03 December 2023 07:22 AM
ජයවේවා..! අපේ ලොකුම ආදායම් මාර්ගය තමයි ණය ගැනිල්ල... බරසාර ණයක් ලැබුණාම සන්තෝස වෙන්න ඕනේ නේද?
Rohana Sunday, 03 December 2023 08:53 AM
මෙහෙම ණය ගන්න ගියොත් ලංකාව ලෝක ණයකාරයෙක් වෙලා ඒක ගෙවාගන්න බැරිව යම් දිනයක ලංකාව අත්පත්කර ගනීවි. ණය ගත්තේ ආයෝජනවලට නොව කාලාබීලා හොරකම්කරලා නාස්ති කරන්න. ඉතින් රටකට ඔරොත්තු දෙයිද? අනාගත පරම්පරාවත් එක්ක ණයකාරයෝ වෙලා රට හිඟන රටක් බවට පත්කරන්නේ මේ දේශපාළුවන්...
Samansantha Sunday, 03 December 2023 11:23 AM
ආයෙ ඉතින් මහ හොරුන්ට රජමගුල් ඔය ටිකත් හොරා කනවා මොවුන් මහින්දටත් ටිකක් දෙන්න මොකද ජීවත් වෙන්න සල්ලි නැතුව ඇති පවුනේ...!
MRM Monday, 04 December 2023 03:48 PM
ණයට කෑම, පිනට කෑම, විකුණන් කෑම හැර වෙනදෙයක් නොදත් කම්බ හොරු...!