IMG-LOGO

හොරෙන් ඉතාලි යන්න ඇවිත් කටුනායක හිර වේ

(ටී.කේ.ජී.කපිල)

කූඨ ලෙස සකස් කළ වීසා බලපත්‍ර උපයෝගී කර ගනිමින් ඉතාලිය වෙත පළා යාමට තැත් කළ ශ්‍රී ලාංකික කාන්තාවෝ දෙදෙනෙක් කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගනු ලැබූහ .

මෙයින් එක් කාන්තාවක් 31 හැවිරිදි කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිකාරිනියකි .

අනෙක් තරුණිය යාපනය , වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි වියේ පසුවන්නියකි .

ඔවුන්ගේ ගුවන් සේවා නිශ්කාශන කටයුතු සදහා ඔවුන් ඉදිරිපත් ලියකියවිලි පිළිබඳ සැක සිතූ කටාර් ගුවන් සේවා නිලධාරීන් මොවුන් දෙදෙනා ගුවන් තොටුපොළ ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ .

එහිදී සිදු කළ විමර්ශනවලදී මෙම ඉතාලි වීසා බලපත්‍ර ව්‍යාජ තොරතුරු ඇතුළත් කර කූඨ ලෙස සකස් කර ඇති බවට කරුණු අනාවරණය වී තිබුණි .

 



අදහස් (0)

හොරෙන් ඉතාලි යන්න ඇවිත් කටුනායක හිර වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 489 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 653 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 270 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site