IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


දප්පුල කළ වැඩක් විජයදාස හෙළිකරයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති ධූරය දැරූ සමයේදී  එවකට නීතිපති දප්පුල ද ලිවේරා මහතා  තවත් වසරක සේවා දිගුවක් ජනාධිපතිවරයාගෙන්  ඉල්ලා එය නුදුන් නිසා පාස්කු ඉරුදින ප්‍රහාරයේ මහ මොළකරුවකු සිටින බව පවසා රටම ගිනි තබා ගෙදර ගියේ යැයි  අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී   පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට පොලීසිය උත්සාහ ගත් අවස්ථාවේදී ඔහු  අධිකරණයට ගොස් වාරණ නියෝගයක් ගත් බව පැවසූ  අමාත්‍යවරයා මේ රටේ හිඟන්නකු  හරි තොරතුරු වසන් කළේ නම් ඔහුට විරුද්ධව නඩු අසා හිරේ දමන බවද  ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අධිකරණ අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ  විවාදයේදීය.



අදහස් (10)

දප්පුල කළ වැඩක් විජයදාස හෙළිකරයි

sachith Sunday, 03 December 2023 10:43 AM

ඒකනම් දන්නේ නෑ... හැබැයි ඔය කියන කෙනාගේ ජීවිතේට නම් පිරිලා ඉතිරෙන්න හුුණු තියනවා කියලා රටම දන්නවා.

:       5       43

Ajith Dharmapala Sunday, 03 December 2023 11:01 AM

මිනිහට තවත් අවුරුද්දක් සේවා දිගුවක් දුන්නා නම් මහමොලකාරයාව අහුවෙනවා. දැන් වෙලා තියෙන දේවල් දැක්කාම කවුරුත් දන්නවා මහමොලකරුවන් කවුද කියලා. IODPP Police යු ටියුබ් චැනල් එකට ගියාම ඔක්කොම නම් ගම් සහිතව තියෙනවා. දැන් සිදුවන්නේ සාක්ෂිකරුවන් මරාදමන එකයි මහමොලකරුවන්ට උසස්වීම් දෙන එකනේ. නිකම් අපරාදේ නිලන්ති සිරිසේනවයි ලස්සනට ෆ්‍රේම් කරා මොවුන්ට බේරෙන්න...

:       15       29

sunimal Sunday, 03 December 2023 11:03 AM

තවත් වැඩක් කළා අපට නම් මතකයි. මල් නම් ජයරත්න - ජයරත්න නම් මල් ප්‍රදර්ශනය...!

:       4       22

Kazi Shajahan Sunday, 03 December 2023 11:49 AM

මාර වැඩේ කියන්නේ ඕකම ආණ්ඩුවට ගියාම දිව අනෙක් පට්ටට පෙරළෙනවා නේ...

:       3       27

fairoos Sunday, 03 December 2023 12:47 PM

අනේ මෙතුමා ඩීල් දාස කියලා කවුරුත් දන්නවා. ඒකනේ ජනතාව ගෝඨාභයව යැව්වේ...!

:       9       28

Nihal Sunday, 03 December 2023 01:26 PM

දැන්ද කියන්නේ, මුලු ලෝකෙම ක්‍රිස්තියානි, කතෝලික පල්ලිවලට මුස්ලිම් අන්තවාදින් බෝම්බ තියලා පල්ලි, ගෙවල් ඔක්කෝම විනාශයි... පාකිස්ථානයේ පල්ලි, ගෙවල් ඉවරෙටම ඉවරයි. බංග්ලාදේශයේ චිතගොන් පන්සල් වනසලා ඉවරයි. ලෝකෙම තත්වය ඒකයි...

:       5       20

Prabha Sunday, 03 December 2023 01:27 PM

මෙයාගෙයි, සිරිසේනගෙයි වැඩේම පරණ ගොන්කතා දෙසාබාන එකයි.

:       6       20

Rata Perata Sunday, 03 December 2023 02:40 PM

දප්පුල විතරක් නෙවෙයි, මේ ඔක්කොම කරන්නේ ජනතාවට තප්පුලන එක විතරයි...

:       2       22

kirthi Sunday, 03 December 2023 03:30 PM

බැඳුම්කර විමර්ශනයේදී දප්පුල ඇහුවා රවි කරුනානයක්ගෙන් "ඇමැතිතුමා දන්නවාද ඔබගේ බිරිඳ අහවලා සමඟ අපාර්ට්මන්ට් එකක් මිලදී ගැනීමට/බැලීමට ගිය බව?" දන්නේ නැහැ කියන්නද රටටම ඇහෙන්න. දන්නවා කිව්වා. අපාර්ට්මන්ට් ගනුදෙනුව ඔප්පු වුණා. එතුමාගේ දක්ෂකම...!

:       1       16

බී අමරසිංහ Monday, 04 December 2023 03:56 AM

දප්පුල නීතිපති කාලේ නීතිපති කාලේ නීතිය හරියට ක්‍රියා කලා. ඔහු පොල්ස්පති ට පරීක්ෂණ පැවැතිවීමේ දී අවධානය යොමු කල යුතු මූලිකත්වය දිය යුතු කරුණු පිළිබඳව උපදෙස් ලිඛිතව දීලා තිබ්බා. ඒවා ක්‍රියාත්මක නොකලේ ඇයි කියලා හොයන්නෙ නැතිව බයිලා කියනවා

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 102 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 905 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site