IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


නායයෑම් හොයන්න හයි කරපු: වැසිමාන 330න් 72 ක පණ ගිහින්

(සුජිත් හේවාජුලිගේ )

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කිරීම සඳහා අවදානම් සහිත දිස්ත්‍රික්ක 14ක ස්ථාපනය කර තිබූ වර්ෂාමාන 330කින් 72ක්  අක්‍රියවී ඇතැයි  ජාතික විගණන  කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.

මෙම වර්ෂාමාන  පසුගිය වර්ෂයේදී  අක්‍රියවී ඇත්තේ සේවක හිඟය සහ අනිකුත් හේතු මත නිසියාකාරව නඩත්තු නොකිරීම හේතුවෙන්  බවද වාර්තාවේ දැක්වේ.

මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණා සංවිධානය එහි සේවකයන්ට  නීතියට පිටින් රුපියල් කෝටියකට ආසන්න වටිනා දිරි දීමනා ගෙවා ඇතැයි ජාතික විගණන  කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.

පසුගිය වසරේ ජනවාරි මස සිට අප්‍රේල් දක්වා මෙලෙස දිරිදීමනා ගෙවා තිබූ බවද එම වාර්තාවේ දැක්වේ.

මේ සඳහා අමාත්‍ය මණ්ඩලයේ  හෝ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ හෝ  මහ භාණ්ඩාගාරයේ හෝ අනුමැතියක්  ගෙන  නොතිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මෙම තොරතුරු සඳහන් වන්නේ පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කෙරුණු  ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ  2022 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන  වාර්තාවේය.



අදහස් (3)

නායයෑම් හොයන්න හයි කරපු: වැසිමාන 330න් 72 ක පණ ගිහින්

ravin Saturday, 02 December 2023 01:49 PM

සේවකයින් බඳවා ගැනීමට, නඩත්තු කටයුතු වලට මුදල් නැතිවුණාට 225 නඩත්තු කරන්න නම් ඕනෑ තරම් සල්ලි තියෙනවා නේද? අමතකද කසිප්පු කාරයෙක් කිව්වා පාරවල් හදන්න ඕනෑතරම් සල්ලි තියෙනවා කියලා... කොමිස් එක ඒකෙනේ...!

:       1       2

රංබොඩ Saturday, 02 December 2023 02:35 PM

සාමාන්‍ය ජනතාව ඡන්දේ දීලා යවලා ඉවර වෙලා හැමදාම 225ට බනිනවා. හොරු කියලා. නමුත් සෑම රාජ්‍ය ආයතනයකම සම්මතයෙන් උගතුන් හොරු. හොරකම් හෙව්වාට වැඩක් නෑ. දඬුවම් නැති නිසා. නැත්නම් විධායක බලතල පාවිච්චි කරලා හරි හොරු නිදහස් කරනවා. ඉතිං රටක් ගොඩ එයිද?

:       1       2

Telvin Sunday, 03 December 2023 12:00 AM

ඕවා කැඩිලානම් ඉක්මණට හැදුවා නම් හරි. රටේ හැමතැනටම වැස්ස, ගංවතුර. මාත් බැලුවා මොකද මෙච්චර වැස්ස කියලා...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 102 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 906 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site