(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

 මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන්ගේ  අභයාරාම විහාරස්ථානයේත් අනීතිකව විදුලිය කපන්න ඇවිත් තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ජල විදුලි උත්පාදනය වැඩි මෙකල විදුලිබල මණ්ඩලය කෝටි ප්‍රකෝටි ගණන් ලාභ ලබද්දී රටේ ලක්ෂ 50 කට රතු බිල් යවන එක සාධාරණදැයි විපක්ෂ නායකවරයා ප්‍රශ්න කළේය.

මේ යන විට ලක්ෂ 5 ක පමණ ජනතාවගේ විදුලිය බලය විසන්ධි  කර තිබෙන බවද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.