(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විවිධ ආබාධිත සහ විශේෂ අවශ්‍යතා සහිත දරුවෝ 200 කට ආසන්න පිරිසක් පාර්ලිමේන්තුවේ කටයුතු දැක බලා ගැනීම සඳහා අද (4) පැමිණියහ.
පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට ආබාධිත දරුවන් මෙපමණ ලොකු පිරිසක් පාර්ලිමේන්තුව නැරඹීම සඳහා එකවර පැමිණි පළමු අවස්ථාව මෙයයි.
සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කළ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ ඒ ආබාධිත දරුවන් සියලු දෙනා සතුටින් පිළිගන්නා බවයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා:
ආබාධිත ප්‍රජාව වෙනුවෙන් 2008 ඉඳල පැහැදිලි අණ පනත් ඉදිරිපත් කරන බව කිව්වත් අද වනතුරු එවැනි පනතක් ඉදිරිපත්වී නැහැ.
පාර්ලිමේන්තුවේ 225 ම ආබාධිත ප්‍රජාව සවිබල ගැන්වීම සඳහා ඒ අණ පනත් ඉක්මනින්ම ඉදිරිපත් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා
සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය ඇමති අනූප පැස්කුවෙල්
ආබාධිත අයිතිවාසිකම් පිළිබඳ පනත ඉදිරි දිනවල ඉදිරිපත් කරනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා:
ආබාධිත අයිතිවාසිකම් පනත එන්නේ නැති හේතුව මම පැහැදිලි කරන්නම්. ආබාධිත ප්‍රජාව එකම ඉල්ලීමයි කරන්නේ. මේ විෂය සමාජ සේවා අමාත්‍යාංශය යටතේ තිබීමට බොහෝ දෙනා විරුද්ධයි. මෙය ජනාධිපති හෝ අගමැති යටතට ගේන්න.
මෙහිදී අදහස් දැක්වූ මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවේ මේ පනත ඉක්මන් කිරීම ගැන සතුටු වෙන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් අද දවසේ එහි එකවගේ 425 ක් එකම වහලක් යට ඉන්නවා කියන්න පුළුවන්...!
මහළු මඩමේ මොනවා බලන්නද? මැති සබය නෙවෙයි, මැති හබය...!
අනේ දරුවනේ පරිස්සමෙන් ගිහින් බලලා එන්න. ඕකෙ ඉන්න අයගෙන් ගල්මුල් ප්‍රහාර එන්නත් ඉඩ තියෙනවා. ඒ තරම් ශුවර් නැහැ ඕකෙ ඉන්න අය.
වෙලාවකට සත්තු වත්ත වගේ, තව වෙලාවකට පිස්සන් කොටුවක් වගේ, අනික් වේලාවට කෝලම් මඩුවක් වගේ කෝකටත් පරිස්සම් වෙන එක තමා ඇඟට ගුණ...
පාර්ලිමේන්තුවේ ඉන්න මන්ද බුද්ධිකයින්ගේ මෝඩ කථා අහන්නේ මොකටද?