(අංජුල මහික වීරරත්න)
දේශගුණ විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාල (ICCU) ව්‍යාපෘතිය ඩුබායිහි පැවැත්වෙන COP 28 සමුළුවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.
පැරිස් සම්මුතිය සමඟ ලෝකයේ රටවල් අනුගතව සිටියද, එහිදී එකඟ වූ ඉලක්ක සපුරා ගැනීමට එම රටවලට සහාය දැක්වීම සඳහා සැලකිය යුතු ආයතනික වෙනස්කම් කිසිවක් ක්‍රියාත්මක නොවු බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
යෝජිත දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ දැනටමත් වෙන් කරන ලද අක්කර 600 ක ඉඩමක ස්ථාපිත කිරීමට නියමිත අතර මෙම විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවට පමණක් සීමා නොවන බවත් එය ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ලෙස ක්‍රියාත්මක වනු ඇති බවත් පැවසූ ජනාධිපතිවරයා ලෝකයේ සෑම රටකම සහය සහ දායකත්වයට ඊට අපේක්ෂා කරන බව සඳහන් කළේය.
බංග්ලාදේශය, සීෂෙල්ස් සහ මෝල්ඩෝවා වැනි රටවල් දැනටමත් මෙහි කටයුතු සඳහා සහාය පළ කර ඇති බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශගුණික විපර්යාසයන්ට එරෙහි සටන එක් ජාතියක පමණක් වගකීමක් නොවන අතර සමස්ත ලෝකයම ඒ සමඟ අත්වැල් බැඳගත යුතු බවද වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා ලෝකෙට බයිලා ගහනවා .රටේ මන්ද පෝෂණය මිනිස්සු බඩගින්නේ
දේශගුණ විශ්ව විද්‍යාල හදන්න ඉස්සරවෙලා මේ රටේ මිනිස්සුන්ට තුන් වෙලා කන්න පුළුවන් රටක් හදපන් බන් ගොන් පාට් නොදා
මෙහේ මිනිස්සු එදාවේල හොයාගන්න බැරුව දඟලනවා... මොනම රටකවත් අවධානය ගන්න බැරි මාතෘකාවක් අල්ලාගෙන රටේ සල්ලි කාබාසිනියා කරනවා. ඔය විශ්ව විද්‍යාල වැඩිය නරකද රටේ කෘෂිකර්මාන්තය නංවන්න වැඩ පිළිවෙලක් යෙදුවොත්...?
රනිල්ට කාලෙකට මේ වගේ පිස්සුවක් හැදෙනවා... මතකනේ, වොක්ස්වැගන්, බ්‍රේස්ලට්, ටැබ් පිස්සුව, මේකත් කොහොම ඉවර වෙයිද දන්නේ නැහැ...!