IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


හරින්ගෙන් සුභ ආරංචියක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික විරරත්න )

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පනවා ඇති තහනම නුදුරු දිනකදී ඉවත් කරන බව එම කවුන්සිලය ප්‍රකාශ කළේ යැයි  ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අද (4) පැවසීය.

ක්‍රිකට් තහනම ඉවත් කර ගැනීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ බලධාරීන් සමඟ දුරකතනයෙන් සාකච්ඡා කළ බවද ඔහු සඳහන් කළේය

ශම්මි සිල්වාට එරෙහිව ඇති සෑම   චෝදනාවක්ම  ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ඉදිරිපත් කරන බවද ඔහු කීවේය.

ක්‍රීඩා සංගම් දේශපාලන ඇඟිලි ගැසීම් ගැන මවු සංගම්වලට පැමිණිලි කිරීම වැරදි බවත්  තමා ක්‍රීඩා ඇමති ධූරයට පත්වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ආරක්ෂා කිරීමට  නොවන බවත් ඔහු කිවේය

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ක්‍රීඩා අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරකසභා අවස්ථාවේ විවාදයේදීය.

සමහර පුද්ගලයන් ක්‍රීඩා සංගම්වල මැරෙන තුරා සිටින බවත් ඔවුන් කරන්නේ විදේශ සංචාරවල යෙදීම පමණක් බවත්  අමාත්‍යවරයා සඳහන් කළේය.

දේශපාලන ඇඟිලි ගැසීම් ගැන ක්‍රීඩා සංගම්  ලියන්නෙ දේශපාලනඥයන්ට නොව  මවු සංගමයට බවද   ඔහු කීවේය.

හරීන් ප්‍රනාන්දු මහතා මෙසේද පැවසීය.

ක්‍රමවේදය හරිද වැරදිද කියන එක මම කියන්නේ නැහැ. ඒක වැරදියි. අපි පිටින් බැලුවොත් ඒක වැරදියි. නමුත් ඔවුන් යන්නේ ඔවුන්ගේ මවු සමිතියට. ඒ ගැන සජිත් ප්‍රේමදාස මැතිතුමාට නොතේරුණේ ඇයිද කියන එක මම දන්නේ නැහැ. ඔවුන් කරන්නේ ඒක තමයි.



අදහස් (10)

හරින්ගෙන් සුභ ආරංචියක්

Rata Perata Monday, 04 December 2023 08:00 PM

සොනික්... සොනික්...

:       0       1

Surain Monday, 04 December 2023 08:05 PM

එතකොට කොටු පනින්නේ අඹුවගෙන් අහලාද?

:       0       2

අරවින්ද මානරවිල Monday, 04 December 2023 08:27 PM

ඌරු කටකුයි, හරක් මොලයකුයි තියෙන කෙනෙක්ව සත පහකට විශ්වාස කරන්න බැහැ.

:       0       2

චන්දන Monday, 04 December 2023 09:09 PM

පාර්ලිමේන්තුව ඒකමතිකව ගත්තා කියන තීන්දුව හරීන් මහත්තයා දන්නවාද? තාත්තා කියපු දේම වෙයිද? ඒ වගේම විගණකාධිපති වාර්තාව බොරුද? ඒ ගැන මොකද කරන්නේ කියලා අපිත් බලනවා.

:       0       1

රංබොඩ Monday, 04 December 2023 11:33 PM

මේවා සේරම එකම නාටකයේ ජවනිකා වගෙයි පේන්නේ... අපි නොදන්න දේවලුත් මේවා යට තියෙනවා. හැබැයි ක්‍රිකට් ගොඩ එන්නේ නෑ.

:       0       1

Praba Tuesday, 05 December 2023 04:44 AM

දුෂණයට එරෙහිව අභීතව ඉදිරිපත් වූ කේසර සිංහයාට අපේ ආචාරය. ( වැඩියම ශම්මිට බනින්න එපා. ලොක්කට තද වේවි)

:       0       0

fairoos Tuesday, 05 December 2023 12:45 PM

නිකන් කයිය විතරයි .තාත්තා ද කිව්වේ ?

:       1       5

Bamunuarachchi Wednesday, 06 December 2023 08:17 AM

ඔව් තාත්තා තමයි කිව්වේ ඇයි මොකද? අද මස්කඩේ වැහැව්වාද?

:       0       0

වෙලුසිංහ Tuesday, 05 December 2023 01:27 PM

ඔබතුමා හොරු ආරක්ෂා කිරීමේ වගකීම බාරගත්තා නේද? කොන්දක් තියෙනවා නම් ඕක ගන්නේ නෑ. ඔක්කෝම එකතුවෙලා ඡන්දේ දීලා අන්තිමට රොෂාන් ඇමැතිතුමා තනිකරලා හොරුන්ගේ පැත්තේ හිටගත්තා. කොහොමද දේශපාලකයන්ගේ සදාචාරය...?

:       0       1

Amal Tuesday, 05 December 2023 01:32 PM

තාත්තා ද කිව්වේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පනවා ඇති තහනම නුදුරු දිනකදී ඉවත් කරන බව...?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 28 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site