(අංජුල මහික වීරරත්න)
බේරේ වැව සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය හා ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් සකස් කළ වාර්තා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා දෙසැම්බර් 15 දිනට පෙර ලබා දෙන ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා අදාල ආයතන ප්‍රධානීන්ට උපදෙස් දුන්නේය.
කොළඹ නගර අලංකරණ සැලැස්ම හා එහි වර්තමාන ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ද ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා කඩිනමින් ලබා දෙන ලෙස සාගල රත්නායක මහතා වැඩිදුරටත් දැනුම් දුන්නේය.
සාගල රත්නායක මහතා මෙම උපදෙස් ලබා දුන්නේ කොළඹ නගර අලංකරණ සැලැස්ම ක්‍රියාත්මක කිරීම හා බේරේ වැව සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගති සමාලෝචනය වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජපන් ඇමරිකා ඉන්දියා බ්‍රිතාන්‍ය හැම රටකින්ම ණය අරගෙ හදපල්ලා අයෙ නාන කොට ගද නැතිවෙන්න.. අන්න ඒ බය තියාගනිල්ලා.
බැහැලා නාපු කට්ටිය ගෙන් ම අහගන්න තිබුනා
ශ්‍රීලංකා ක්‍රිකට් වලට කෙරුව දේ බේරේ වැවටත් කරන්නයි මේ හදන්නේ
ඕක කලින් පිරිසිදු කරල තිබුනානම් කට්ටිය ජරාව නාන්නෙ නැහැනෙ. පිනාට තමයි. ඒකත් තේරුනෙ.
ඉතුරුවෙලා ඉන්න බයියන්වත් නාවලා ගත්තා නම් හොඳයි...
මුළු රටේ ජනතාවගෙන් බදු අරගෙන කොළඹයි, දකුණයි දියුණු කරන එක සාධාරණද? ඕවා මෙහෙයවන අය නුවරට මුකුත්ම කරන්නේ නැද්ද? නැත්නම් 2048න් පස්සේ කරන්න ඉන්නවාද?
මේ ජනාධිපතිට එදා බේරේ වැවේ පිහිට ලැබුණා. ඊළඟපාරත් නාගන්න ඉතා ප්‍රමිතියෙන් ඉදි කරන්න...
යකෝ, රටේ ආර්ථිකයට කෙලවිලා තියෙද්දිත්, මෙයාලා බේරේ ලස්සන කරන්න හදනවා... තවත් කෑමක් වගේ...
රටේ ප්‍රශ්න ඔලුවටත් උඩින් .සමාජය දුෂණ වලින් පිරිලා.අධර්මය පැතිරිලා . මිනිස්සු කොළඹ ලස්සන කරන්න හදනවා .කුට්ටියක් ලැබෙන දේට තමයි මූලිකත්වය .එකෙක් කොළඹ ලස්සන කරලා බලය අරගෙන කරපු විනාශය දැක්කානේ ?