(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විශ්වවිද්‍යාලවල සිටිය යුතු ආචාර්යවරුන් 12000න් දැන් සිටින්නේ පන්දහසක් පමණ අඩු සංඛ්‍යාවක් හෙයින් ඒ ගැටලුව වහා විසඳීමට කටයුතු කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් පාර්ලිමේන්තුවේදී අද (5) ඉල්ලීමක් කළේය.
පළමුවැනි ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වා සියලුම පාසල් සිසුන්ට පරිගණක අධ්‍යාපනය ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලබා දිය යුතු බව පැවසූ විපක්ෂනායකවරයා කොරෝනා පැවති වසර දෙකේදී රටේ දරුවන්ට අහිමි වූ අධ්‍යාපනය දීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකරන්නේ මන්දැයි ප්‍රශ්න කළේය.
ඔහු මෙසේ පැවසුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සරසවිවල ආචාර්ය මහාචාර්යවරුන් පිටවෙලා යන්නෙ. ඒකට අලුතෙන් නවක අය බඳවගත්තට විසඳුමක් ලැබෙන්නෙ නෑ. දැනුම් මට්ටම් සහ අත්දැකීම් අහසට පොලව වගේ ඒ දෙපාර්ශවයේ. උසස් අධ්‍යාපන ඇමතිතුමා කියන්නෙ අලුතෙන් බඳවා ගන්නවා, අනුමැතිය ලැබුනා, කටයුතු කඩිනම් කරනවා වගේ බොලඳ කතා. ප්‍රවීන ආචාර්ය මහාචාර්යවරු වසර ගනනාවක් විදේශවල බොහොම මහන්සියෙන් ඉගෙන ගෙන පර්යේෂණ කරලා පොත්පත් ලියලා විභාග, සම්මුඛ පරීක්ෂණ පාස් වෙලා ඔය ජ්‍යෙෂ්ටත්වය ලබා ගන්නෙ, මං දන්න තරමට . ඒ අයගේ ඉගැන්වීමේ පර්යේෂණ කිරීමේ හැකියාවට සහ කුසලතාවලට ගැලපෙන වැටුපක්, ජීවන තත්ත්වයක් අත් කරලා දෙන්නයි ඔ්න. රටෙන් යන එක නවත්වලා බුද්ධි ගලනය නවත්වා ගන්නයි ඔ්න. අපි ඇමතිකම් නැති සාමාන්‍ය මිනිස්සු. මේ අපට තේරෙන දේ ඇයි ඔය ඇමැතියන්ට නොතේරෙන්නෙ?
ඔය රට යන ඇදුරන් යන්නේ සරසවි රැකියාවලටම නෙවෙයි. ඉතාම අතළොස්සකට විතරයි එවැනි රැකියා ලැබෙන්නේ. ඔය යන අය අවුරුදු 45ට අඩුයි. මොකද අනිත් අයට ගිහින් වෙනත් රටක පදිංචි වෙන්න අවශ්‍ය විසා ලැබෙන්නේ නැහැ. අනික මේ අය ඔය කියන රටවලට ගිහින් මොන රැකියාව කළත් බදු ගෙවන්න වෙනවා. අපේ සරසවි ඇදුරන් ඇත්තටම වැඩකරන්නේ සතියකට පැය කීයද? වරප්‍රසාද ඉල්ලුවාට බොහෝ දෙනෙක් වගකීම් හරි හැටි ඉටුකරන්නේ නැහැ. මේක තමයි තිත්ත ඇත්ත....
සජිත් කට ඇරියොත් ගොන් කතාවක්... ගිහිල්ලා බලන්න scheme of recruitment ලංකාවේ විද්‍යාලය ගන්න විදියයි, පිටරට විශ්ව විද්‍යාලයට ගන්න විදියයි. එතකොට තේරෙයි වෙනස... ලංකාවට ගන්න පළමු උපාධිය කරපු කිසිම රිසර්ච් එකක් කරපු නැති අය... පිටරට ගන්නේ ආචාර්ය උපාධිය කරලා, රිසර්ච් කරලා තියෙන වයස සීමාවක් සලකන්නැතුව බඳවා ගන්නේ. ලංකාවේ මහාචාර්යවරු පිටරටවල් වල වැඩ කරනවා... ඔවුන් ලංකාවේ වැඩ කරන්න කැමැතියි. ඒත් ලංකාවේ විශ්ව විද්‍යාලවල වැඩකරන හැත්ත ඒවගේ ටැලන්ට් මහාචාර්යවරු ගන්න කැමැති නෑ. ඔය පිටරට විදිහට බඳවාගන්න... එවිට පිටරටවල වැඩකරන ශ්‍රී ලංකා මහාචාර්යවරු වයස සීමාවක් දන්නැතුව බඳවා ගත්තොත් (උපරිම 66) ඕනතරම් බඳවා ගන්න පුළුවන්. ඒ මිනිස්සු මුදල්වලට වඩා, රටට සේවයක් කරන්න එන්න කැමැතියි.
ඉතින් ඔබතුමාලට පුලුවන් නේ ගිහින් උගන්වන්න ?
මොනව අර එස්. බී ගොයියා කියන්නේ රට ගියා කියන හාදයින්ගේ 99% ගෙදර ඉඳන් වෙනවැඩ කරනවා කියලා. නම් ගම් පාස්පෝට් නොම්මර වලින් බලන්නකෝ රටින් පිටඋනාද නැතිනම් ගෙදර පෝල් ගානවද කියලා.කෝ එස් බී ලොක්කා නැගිටලා උත්තර දෙන්න.