IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කුරුණෑගල ස්කෑන් යන්ත්‍රයේ කොටස් රේගුව නිදහස් කරයි

(යොහාන් භාසුර)

රේගුවේ රදවාගෙන තිබූ කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ සී.ටී. ස්කෑන් යන්ත්‍රයේ කොටස් ඊයේ (4) පස්වරුවේ නිදහස් කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්‍ෂ සීවලි අරුග්ගොඩ මහතා අද (5) ‘ලංකාදීප’යට පැවසීය.
සී.ටී. ස්කෑන් යන්ත්‍රයේ කොටස් ආනයනය කළ ආනයනකරු රේගුවට නිකුත් කර තිබූ ලිපි ලේඛණවල අඩුවක් හේතුවෙන් එම අමතර කොටස් රඳවාගෙන තිබූ බව කී රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා එම අඩුව සම්පූර්ණ කිරීමෙන් පසුව ඒවා නිදහස් කළ බව ද සඳහන් කළේය.
සී.ටී. ස්කෑන් යන්ත්‍රයේ කොටස් රඳවා ගැනීමට සිදුව ඇත්තේ රේගුවේ වරදකින් නොවන බව ද රේගු මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්‍ෂ සීවලි අරුග්ගොඩ මහතා වැඩි දුරටත් කීය.  
එම සී.ටී. ස්කෑන් යන්ත්‍රයේ කොටස් නිදහස් නොකිරීම හේතුවෙන් එම රෝහලේ ස්කෑන් පරීක්‍ෂණ මාස 4 ක පමණ කාලය සිට අත්හිටුවීමට සිදුවී තිබූ බව ජනමාධ්‍යවල වාර්තා පළවිය. 



අදහස් (4)

කුරුණෑගල ස්කෑන් යන්ත්‍රයේ කොටස් රේගුව නිදහස් කරයි

de silva Tuesday, 05 December 2023 01:56 PM

සමගම මෙම යන්ත්‍රය සපයන්න ප්‍රමාද වෙන්නේ කිමද කියල රෝහල් බලධාරීන් මස 4 යනතුරා සොයා බැලුවේ නැද්ද ?

:       0       0

Lal Tuesday, 05 December 2023 04:21 PM

රේගු හොරුත් ට්‍රයි කරන්න ඇති කීයක් හරි කඩාගන්න...

:       0       1

chandima Wednesday, 06 December 2023 01:44 AM

රේගුවේ වරදක් නොවෙයි ගෙන්වපු මිනිහාගේ වරද .කල් ඇතුව දෙන්න ඕන දේවල් දුන්නා නම් බඩු ආපු ගමන් එළියේ නේ ?

:       0       0

ShiranThursday, 07 December 2023 11:54 AM

ඔය කියන සමාගමේ තමයි මම වැඩ කරන්නේ. නොදන්න මගුල් කතා නොකර හිටහන් බං. රේගුවත් එක්ක වැඩ කරලා තියන උන් දන්නවා උන්ගේ සටකපට වැඩ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site