IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ෂෙමාරා තෙවනවරටත් වාර්තාව අලුත් කරයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කාන්තාවක් වන ෂෙමාරා වික්‍රමනායක තෙවැනි වතාවටත් ඕස්ට්‍රේලියාවේ වැඩිම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිලධාරිනිය වී තිබේ.

ඇය මැකෝරි සමූහ ව්‍යාපරයේ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස කටයුතු කරමින් ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 32.8 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 70 ක් පමණ) මුදලක වාර්ෂික වැටුප් පැකේජයකට මෙම වසරේ ඇය හිමිකම් කියා ඇත.

පෙර වසරට සාපේක්ෂව ෂෙමාරා වික්‍රමනායක මහත්මියගේ මෙම වසරේ වැටුප් පැකේජය සියයට 30 කින් වර්ධනය වී තිබේ.

මැකෝරි සමූහ ව්‍යාපරය ඕස්ට්‍රේලියාව කේන්ද්‍රකරගත් දැවැන්ත මූල්‍ය සමාගම් සමූහයකි.

ෂෙමාරා වික්‍රමනායක මැකෝරි සමූහ ව්‍යාපරයේ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස 2018 වසරේ පත්ව ඇත.

මෙම තනතුරුට පත් වූ ප්‍රථම කාන්තාවද ෂෙමාරා වික්‍රමනායක මහත්මිය වූවාය.ඇය 1962 වසරේ ඇය එංගලන්තයේ උපත ලැබුවාය.

 



අදහස් (9)

ෂෙමාරා තෙවනවරටත් වාර්තාව අලුත් කරයි

chandima Monday, 04 December 2023 10:00 PM

1962 වසරේ ඇය එංගලන්තයේ උපත ලැබුවා නම් කොහොමද ශ්‍රී ලාංකික සම්භවයක් කියන්නේ..? කිරි ආත්තා ලංකාවේද?

:       0       0

Sethuhami Monday, 04 December 2023 10:33 PM

එංගලන්තයේ උපත ලබපු කෙනෙක් ශ්‍රී ලංකා කියලා උදම් ඇන්නේ කොහොමද?

:       0       0

Sandun Tuesday, 05 December 2023 12:44 AM

ලංකාව ගෑවිලාවත් නෑ මෙයාගේ... මෙහෙ පත්තරවලත් යනවා...

:       0       0

සීජේර Tuesday, 05 December 2023 01:28 AM

නිහතමානී දැණුම් සම්භාරයක් ඇති දක්ෂ කාන්තාවක් මට ඊයේ දිනයේ ඩූබායි හි දැන් පැවත්වෙන කෝප්28 සමුළුවේ ඇය සහාභාගි වූ වැඩසටහනකින් පසුව මුණගැසුනා.

:       0       0

Perera Tuesday, 05 December 2023 06:15 AM

සමේ පාටයි නමයි ඇරෙන්න මෙයා ලංකාවට සම්බන්ධයක් නැහැ වගේ

:       0       0

Pradeep Tuesday, 05 December 2023 07:19 AM

අපේ මිනිස්සුන්ට මොනව බැරි උනත් වංශෙකබල් ගාන්න නම් හොඳටම පුළුවන් .මේ කියන තැනැත්තිය ලංකාවේ ඉපදිලවත් නැති අයෙක්.අඩුම තරමේ විකිපීඩියාවේවත් ඇයගේ තොරතුරු සඳහනේ ලංකාවේ නමක් සඳහන් වෙන්නෙ නෑ..ඇය කොපමණ වැටුපක් ලැබුවත් එක ඩොලර් එකක්වත් ලංකාවේ සුබ සිද්ධිය වෙනුවෙන් එවන්නේත් නැත.ඉතින් මෙවැනි නොවැදගත් පුවත් වලට මුල් පිටුවල ඉඩ වෙන්කිරීමෙන් බලාපොරොත්තු වෙන්නෙ කුමක්ද? අඩුම තරමේ මැදපෙරදිග දුක් විඳ රටට විශාලම විදේශ ව්නිමයක් උපයා දෙන ගෘහ සේවිකාවන් ගැන හෝ ඔවුන්ගේ ගැටළු වෙනුවෙන් ඉඩක් වෙන් කිරීමට ප්‍රමුඛත්වය ලබා දෙනවා නම් එය වඩා වැදගත් යැයි විශ්වාස කරමි.ෂෙමාරා මහත්මිය දක්ෂ කාන්තාවක්..එහෙත් එය ශ්‍රී ලාංකික අපට කිසිම අදාලත්වයක් නැති පුවතක්.

:       0       0

අරුණ Tuesday, 05 December 2023 09:44 AM

මේ වගේ ඉහළ ආදායම් ලැබෙනකොට කෙනෙකුට සමහර වෙලාවට හිතෙනවා - ජීවත්වෙන්න රස්සාව කරනවාද නැත්තං වගකීම් සහිත රැකියාව කරන්න ජීවත්වෙන්න වෙලාද කියලා. මුදල් සෙවීම ඔතැනින් නවත්වලා ඵලදායි විදිහට වියදම් කරන්න සැලසුමක් හදාගන්න. නැත්නම් අභාවයෙන් පසු ඔබේ වත්කම්වල 3/4 හිමිකරුවා ඔබේ බැංකු කරුවායි.

:       0       0

Ruwan R Tuesday, 05 December 2023 01:05 PM

සැබෑවටම අසරණ වු මිනිසුන්ද? මිනිසුන් නිසාම අසරණ වූ අනෙකුත් ජීවීන්ද ලොව එමටයි. හැකිනම් උපයන ධනයෙන් 1/5 ක් ඒ අය වෙනුවෙන් යොදවන්න. ඒ මුදල් ඔබ දිනෙක රැගෙන යනු ඇත. සුබපැතුම්..!

:       0       0

Bamunuarachchi Thursday, 07 December 2023 03:18 AM

Dual citizenship declare කරන්න එපා තව ටික දවසකින් ලාංකිකයින් පිටරට උපයන මුදල් වලටත් බදු ගහන්න පටන්ගන්නව. එවිට ඔබ‍ට මෙරටටත් බදු ගෙවන්න වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 28 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site