
(යොහාන් භාසුර)
ලංකා විදුලිබල මණ්ඩලය මෙම වසරේ පළමු මාස 10 තුළ පමණක් එහි විදුලි පාරිභෝගිකයන් ලක්‍ෂ පහමාරකට ආසන්න සංඛ්‍යාවක (544,488) විදුලි සැපයුම විසන්ධි කළ බව එම මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මෙම වසරේ ඔක්තෝබර් මස අවසන් වන විට විදුලිබල මණ්ඩලයේ සමස්ත පාරිභෝගිකයන් සංඛ්‍යාව 6,998,068 ක් බවත් වසරකට සාමාන්‍යයෙන් නව පාරිභෝගිකයන් ලක්‍ෂ එකහමාරක් පමණ අලුතින් එකතු වන බවත් එම මණ්ඩලය කීය.
ඒ අනුව මෙම වසර තුළ 544,488 ක විදුලි සැපයුම විසන්ධි කිරීම සහ නැවත සම්බන්ධතාව දීම 2019 වසර සමඟ සැසදීමේදී සාමාන්‍ය තත්වයක් බවත් ලංකා විදුලිබල මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අහිංසක දුප්පත් මිනිස්සු ලයිට් කැපුවා කියලා නාහෙන් හැඬුවේ නැහැ.. ඒත්, ජොලියට බලෙන් ලයිට් කපා ගත්තු පින්ගුත්තරයෙක් නාහෙන් හඬ හඬා රටටම ඇහෙන්න බෙරිහන් දුන්නා...කියන්නේ නම් ඒ බිල රුපියල් එකොලොස් දාහක්ලු... සමහරවිට ඒකටත් පොල්ලක් තියන්න උත්සහ කරන්න ඇති...