කූරුණෑගල පොලීසියෙන් පැන්න සැකකාරිය මෝදරින් අල්ලයි හොරොයින් සමග අත්අඩංගුවට ගෙන කුරුණෑගල පොලිසියේ රඳවා සිටියදී ඉන් පලා ගොස් සිටි සැකකාරියක් මෝදර ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට කුරුණෑගල පොලිසිය පවසයි.. 22 October 2023
කොටි 400ක කුඩු සමග පහක් මාට්ටු බහුදින යාත්‍රාවකින් මෙරටට රැගෙනවිත් තිබූ රුපියල් කෝටි 400 කට අධික වටිනවා හෙරොයින් මත්කුඩු සමඟ සැකකරුවන් පස් දෙනකු නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ එක්ව අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. 22 October 2023
සැරයන්ට පාට් දැමූ ව්‍යාපාරිකයින්ට වැඩ වරදී මැල්සිරිපුර පොලීසියේ රථවාහන අංශයේ රාජකාරි කරන පොලිස් සැරයන්වරයකු යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී ත්‍රීරෝද රථයකින් පැමිණ මාර්ගය හරස් කර ඔහු ගමන් ගත් යතුරු පැදිය බලහත්කාරයෙන් නතර කරගෙන අසභ්‍ය වචනයෙන් බැන වැදීබෙල්ලෙන් අල්ලා පහර දීමට තැත් කළේ යැයි කියන ව්‍යාපාරිකයින් දෙදෙනකුපෙරේදා(21) සැකපිට අත්අඩංගුවට ගත් බව මැල්සිරිපුර පොලිසිය පවසයි. 22 October 2023
ගගනගාමීන් අභ්‍යවකාශයට ගෙනියන්න ඉන්දියාව සැරැසෙයි ඉන්දීයාව, ඔවුන් විසින්ම නිපදවූ අභවකාශ යානයකින්, ගගනගාමීන් අභ්‍යවකාශයට යැවීමට සහ ගෙන්වා ගැනීමට සූදානම් වෙයි. එම මෙහෙයුම සිදුවනු ඇත්තේ 2025 වසරේදීය. 22 October 2023
පොහොර ටෙන්ඩරය පමා කළ නිලධාරීන් අමාත්‍යාංශයෙන් දොට්ට පොහොර ටෙන්ඩරය මාස තුනක් ප්‍රමාද කළ නිලධාරීන් දෙදෙනා වහාම කෘෂිකර්ම අමාත්‍යංශයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ. 22 October 2023
අද කාලගුණය දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (21) දහවල් 1.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 22 October 2023
පලස්තීනුවන්ගේ අයිතිය වෙනුවෙන් අබ්බාස් හඩ නගයි කුමන ආකාරයේ අභියෝග ආවත්, පලස්තීන වැසියන්, ඔවුන් ජීවත් වන භූමියෙන් ඉවත් නොවන බව පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් පවසා තිබේ. 22 October 2023
ගාසා රෝහලට පහර දුන්නේ හමාස් ගාසා තීරයේ අල් අහ්ලි රෝහලට එල්ල වූයේ ඊශ්‍රායල ගුවන් හමුදාවේ ප්‍රහාරයක් නොව, ඊශ්‍රායලය සමඟ සටන් වදින හමාස් සටන්කාමීන්ගේ රොකට් ප්‍රහාරයක් යැයි ප්‍රංශ බුද්ධි අංශ පවසයි. 22 October 2023
පලස්තීන වෛද්‍ය කාර්ය මණ්ඩලවලටත් පහර දීලා ඊශ්‍රායල ගුවන් හමුදාව ගාසා තීරයේ පමණක් නොව, පලස්තීනුවන් වෙසෙන බටහිර ඉවුරේ ද වෛද්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් ඉලක්ක කර ගනිමින් සහ රෝහල් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරමින් සිටී. 22 October 2023
ඊශ්‍රායල වැසියන්ට පිටවෙන්න කියයි ඊශ්‍රායල රජය, ඊජිප්තුවේ සහ ජෝර්දානයේ සිටින සිය වැසියන්ට අනතුරු ඇඟවීමක් කර තිබේ. ඒ, වහාම එම රටවලින් ඉවත් වන ලෙසටය. 22 October 2023
අර්බුදය විසඳන්න කයිරෝ නුවර සමුළුවක් හමාස් සටන්කාමීන් සහ ඊශ්‍රායලය අතර හටගත් අර්බුදය සාමකාමීව විසඳීමේ අරමුණින්, රටවල් කීපයක රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන්, විශේෂ සමුළුවක් ඊජිප්තුවේ කයිරෝ නුවරදී පැවැත්විණි. 22 October 2023
දකුණු අප්‍රිකාවට දැවැන්ත ජයක් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 20 වැනි තරගය ලෙස මුම්බායිහිදී අද (21) පැවැති තරගයේදී දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ ලකුණු 229 කින් එංගලන්තය පරාජය කරමින් දැවැන්ත ජයක් ලැබීමට සමත් වූහ. 21 October 2023
කන්තලේ බුදුකුටිවලට හානි කළ අය රිමාන්ඩ් කන්තලේ ප්‍රදේශයේ ස්ථාන හතරක පිහිටි බුදු පිළිම ආවරණ කර ඇති විදුරුවලට හානි කළැයි කියන පුද්ගලයා ලබන නොවැම්බර් 03 දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස කන්තලේ මහේස්ත්‍රාත් දිනිදු සමරසිංහ මහතා පොලිසියට නියම කළේය. 21 October 2023
අහුන්ගල්ලේ වෙඩි තැබිමකින් මව,පියා සිඟිත්තාට තුවාල අහුන්ගල්ල - ඌරගහ මාර්ගයේ ගල්වෙහෙර ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් මව පියා සහ මාස හතරක දරුවකු තුවාල ලබා රෝහල් ගත කළ බව අහුන්ගල්ල පොලීසිය කියයි. 21 October 2023
’’ මං හතුරගෙත් මිතුරගෙත් ජනාධිපති’’ තමා මිතුරාගේ මෙන්ම හතුරාගේත් ජනාධිපති යැයි එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ විශේෂ මහා සම්මේලනය අමතමින් ප්‍රකාශ කළේය. 21 October 2023
එජාප ව්‍යවස්ථාව සංශෝධනය කරයි එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථා සංශෝධනය එජාප විශේෂ මහා සම්මේලනයේදී අද ඒකමතිකව සම්මත විය. 21 October 2023
ලබන වසරේ ජනපතිවරණය පවත්වනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ලබන වසරේදී ජනාධිපතිවරණය පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 21 October 2023
ශ්‍රී ලංකාව කඩුලු 5 කින් නෙදර්ලන්තය පරදවයි ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 19 වැනි තරඟය ලෙස ලක්නව් එකානා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (21) පැවැති තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 5 කින් නෙදර්ලන්තය පරාජය කිරීමට සමත් වූහ. 21 October 2023
නාය යාමෙන් නතර වූ බදුල්ල - කොළඹ මාර්ගයේ ගමන් ඉබි ගමනේ අධික වර්ෂාව සමග අද 21දහවල් නාය ගොස් අවහිර වූ කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගය මේ වන විට වාහන යා හැකි වන පරිදි එක් මං තීරුවක් පමණක් විවෘත කළ බව පොලිසිය කියයි. 21 October 2023
හපුතලේ තැන් තැන්වල ණාය යයි කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගයේ හපුතලේ බෙරගල අතර උඩ විහාරගල ප්‍රදේශයේ දී පස්කඳු සහ ගල් පර්වත කඩා වැටීමෙන් සම්පූර්ණයෙන් අවහිර වූ මර්ගයේ එක් මන්ත්රිරුවක් විවෘත කළ බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ ඊ. එම්. එල්. උදයකුමාර මහතා පැවසීය. 21 October 2023
ස්ථාන 66කට නාය අනතුරු දිවයින පුරා තව දුරටත් පවතින අධික වර්ෂාව සහිත කාල ගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක නවයක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 66 කට නාය යෑමේ අවදානම් අනතුරු ඇඟවිමේ නිවේදනය අද 20 සවස සිට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කරනු ලැබ තිබේ. 21 October 2023
මීරියබැද්ද යළි අවදානම් ශ්‍රී ලංකාවේ විශාලතම නාය යාමක් ලෙස වාර්තා වූ කොස්ලන්ද මීරියබැද්ද පැරණි නාය යාම දෙපස විශාල භූමි ප්‍රදේශයක් නැවතත් නාය යාමේ අවදානමක් පවතින බැවින් එහි නිවාස පේළි දෙකක් පාසලක ගොඩනැගිලි හා ළමා සුරුකුම් මධ්‍යස්ථානයක් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථිරවම භාවිතයෙන් ඉවත් කරන බව හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කේ. ඒ. ජේ. ප්‍රියංගනී මහත්මිය අද 21 කීවාය. 21 October 2023
ගාසා වැසියන්ට මානුෂීය ආධාර ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් බැටකන ගාසා පලස්තීන වැසියන්ට මානුෂීය ආධාර රැගත් ට්‍රක් රථ 20 ක්, ඊජිප්තු ගාසා රෆා දේශසීමා පිවිසුම ඔස්සේ ගාසා තීරයට ඇතුළු වුණු බව රතු අඩකව සංවිධානය පවසයි. 21 October 2023
එජාප විශේෂ මහා සම්මේලනය ඇරැඹෙයි ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ගෘහස්ත ක්‍රීඩාංගනයේදී මීට සුළු සුළු මොහොතකට පෙර ඇරැඹිණි. 21 October 2023
නෙදර්ලන්තය ලකුණු 262 ක් රැස් කරයි ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 19 වැනි තරඟය ලෙස ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර ලක්නව් එකානා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදුන් නෙදර්ලන්ත පිල ඕවර 49.4 කදී සියලු දෙනාදැවී ලකුණු 262 ක් රැස් කළේය. 21 October 2023
මැතිසබා විශේෂ කමිටු දුන් නියෝග 200ක් විසිකරලා විවිධ අරමුණු වෙනුවෙන් පසුගිය කාලයේදී පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවලින්දී ඇති නිර්දේශ 200 කට වැඩි සංඛ්‍යාවක් මෙතෙක් ක්‍රියාත්මකවී නැතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 21 October 2023
ඩයනා ගෙදර යයි පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පහරදීමේ සිද්ධියෙන් පසු ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත්වූ ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය ප්‍රතිකාර ලබා අද(21) උදේ ඉන් පිටව ගියාය. 21 October 2023
බීඩි සෙස් බද්ද ඉවතට මෙරට බීඩි කර්මාන්තය විධිමත්ව පවත්වාගෙන යාම වෙනුවෙන් නව ප්‍රතිපත්තියක් හදුන්වා දෙන්නට රජය තීරණය කර තිබේ. 21 October 2023
කර්මාන්ත 2000 වැසී:ලක්ෂ පහක් මහ පාරේ විවිධ කර්මාන්ත ශාලා සහ සේවා ස්ථාන දෙදහසකට ආසන්න සංඛ්‍යාවක් වැසීම යෑම හේතුවෙන් පන්ලක්ෂ තිස් තුන් දහස් අටසිය පනස් අටකට ( 533858) ගිය වසරේදී රැකියා අහිමිවී ඇතැයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු වාර්තා ඇතුළු විවිධ තොරතුරු වාර්තාවල දැක්වෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසීය. 21 October 2023
නෙදර්ලන්තය ලකුණු රැස්කිරීම තෝරා ගනී ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 19 වැනි තරඟය ලෙස ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර ලක්නව් එකානා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ නෙදර්ලන්තය පිලේ නායක ස්කොට් එඩ්වඩ්ස් පළමුව ලකුණු රැස් කිරීම තෝරා ගත්තේය. 21 October 2023
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026