IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


යුක්රේනයට - ඊශ්‍රායලයට ආධාර ඉල්ලූ බයිඩන්ගේ යෝජනාව පරදියි

(විමුක්ති එස් රුද්‍රිගු)

යුක්රේනයට සහ ඊශ්‍රායලයට ඇමෙරිකානු ඩොලර් බිලියන 106 ක ආධාර පැකේජයක් ලබා දීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සෙනෙට් සභාවට ඉදිරිපත් කළ පනත් කෙටුම්පත රිපබ්ලිකන් සෙනෙට් සභිකයෝ ප්‍රතික්ෂේප කරනු ලැබූහ.

රුසියානු හමුදාවන්ට දිගටම පීඩනය එල්ල කිරීම සඳහා යුක්රේනය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 61 ක මුදලක් මෙම ආධාර පැකේජයට ඇතුලත් වී තිබිණ.මෙම මුදල නොලැබුනහොත් ශීත කාලයේදී යුක්රේනයට දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදු වනු ඇති බවත් එය රුසියාවට ත්‍යාගයක් වනු ඇති බවත් ඇමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.එසේම හමාස් සංවිධානයට එරෙහිව සටන් වැදීම සඳහා ඊශ්‍රායලයටද මෙම ආධාර පැකේජය ඉතා වැදගත් බව ජනාධිපති බයිඩන් පෙන්වා දුන්නේය.

දේශ සීමාව හරහා සෑම දිනකම ඇමෙරිකා එක්සත් ජනපදයට ඇතුලුවන 10000 ක් මෙක්සිකානු සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට බයිඩන් රජය අපොහොසත් වී ඇති බැවින් ආධාර පැකේජය සඳහා ඉදිරිපත් වී ඇති පනත් කෙටුම්පතට ඡන්දය නොදෙන බව පෙන්වාදෙමින් රිපබ්ලිකන් සෙනෙට් සභිකයන් 49 දෙනාම පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය භාවිත කර ඇත.රිපබ්ලිකන් සෙනට්සභිකයන් 49 දෙනා සමඟ සෙනෙට් සභික බර්නි සැන්ඩර්ස්ද පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය.පනත් කෙටුම්පත සම්මත වීම සඳහා සෙනෙට් සභාව තුළ ඡන්ද 60 ක් ලබා ගත යුතුව තිබිණ.ඇමෙරිකා එක්සත් ජනපද සෙනෙට් සභාවේ සාමාජිකයන් ගණන 100 කි.

යුක්රේනය සහ රුසියාව අතර යුද්ධයෙන් රුසියාව ජයග්‍රහණය කළහොත් නේටෝ සාමාජිකයන්ට පහර දිය හැකි තත්ත්වයකට රුසියාව පත්වනු ඇති බවත් එවිට ඇමෙරිකානු හමුදා ද යුද්ධයට පැටලෙනු ඇති බවත් ඇමෙරිකානු ජනාධිපතිවරයා අනතුරු ඇඟවූවේය.පුටින් යුක්රේනය අල්ලා ගනු ලැබුවහොත් එතැනින් නතර නොවනු ඇති බවත් ඔහු නේටෝ සාමාජිකයන්ටද පහරදෙනු ඇති බවත් ජනාධිපති ජෝ බයිඩන් පුරෝකථනය කළේය. එවිට වර්තමානයේ උද්ගත වී නොමැති තත්ත්වයක් ඇති වී ඇමෙරිකානු හමුදා සහ රුසියානු හමුදා සටන් වදිනු ඇතැයි ජනාධිපති බයිඩන් පැවැසුවේය.

එම නිසා කිසිම විටකත් ජනාධිපති පුටින්ට ජයග්‍රහණය කිරීමට ඉඩ ලබා දිය නොහැකි බව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කළේය.



අදහස් (1)

යුක්රේනයට - ඊශ්‍රායලයට ආධාර ඉල්ලූ බයිඩන්ගේ යෝජනාව පරදියි

fairoos Thursday, 07 December 2023 04:43 PM

මෙයත් අපේ නන්දසේන වගේ තමයි.. ජෝකර් බයිඩන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 62 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 136 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site