(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
දේශපාලනඥයන් ඇතුළු පිරිස් විදේශ රටවල සඟවා ඇති මුදල් ඇතුළු සම්පත් මේ රටට ගෙන්වා ගැනීම සඳහා යාන්ත්‍රණයක් සකසා ඒ සඳහා නිදිවරාගෙන වැඩ කරන්නැයි විදේශ කටයුතු අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය.
ජාතිවාදය සහ ආගම් වාදය හැමවිටම ප්‍රතික්ෂේප කරන බව පැවසූ විපක්ෂනායකවරයා රටට අවශ්‍ය වන්නේ ශ්‍රී ලාංකික චින්තනය බවද ප්‍රකාශ කළේය.
විපක්ෂ නායකවරයා මෙසේ පැවසුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.
සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.
විදේශ කටයුතු අමාත්‍යාංශය නිදි වරාගෙන වැඩ කරනවා කියලා අපිට ආරංචියි. ඒ නිලධාරීන්ට අපි සුබ පතනවා. දේශපාලනඥයන් ඇතුළු පිරිස් පිටරට සඟවා ඇති අපේ සම්පත් සොයා ගැනීමට නිදිවරාගෙන වැඩ කිරීමත් නරක නැද්ද කියලා මම අහනවා.මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කළ බැසිල් රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසට නියෝගයක් දුන්නා. ඒ අහිමිවුණු දේපළ ලබා ගැනීමටත් ඔබගේ යාන්ත්‍රණය මෙහෙයවන්න.
නිදහස් වෙළඳ ගිවිසුම් වලට අපි ප්‍රවේශ වෙන්න ඕන. අවබෝධතා තුළින් රටට ප්‍රතිලාභ අත්වෙන්න ඕන. කොරෝනා සමයේදී මුස්ලිම් ජනතාවගේ අයිතිය නැතිවුණා. අපි ඉන්නේ ශ්‍රී ලාංකිකත්වය කියන ප්‍රතිපත්තිය තුළ. එදා රාජ්‍ය පාර්ශවයේ හිටපු මුස්ලිම් නායකයන් නිවැරදි තැන හිටගත්තේ නැහැ. අපි ඒ ක්‍රියාවලියට එරෙහිව මහ පාරට බැස්සා. අපි විතරයි මහ පාරට බැස්සේ.
ප්‍රති ත්‍රස්ත පනත පීඩාකාරී එකක්. ත්‍රස්තවාදය තුරන් කරන්නට අණ පනත් තියෙන්න ඕන. රටට ජාතික ආරක්ෂාව අවශ්‍යයි. ත්‍රස්තවාදයට ඉඩ නොතබන මානව අයිතිවාසිකම් සුරක්ෂිත කරන නීති පද්ධතියකට අපි එකඟයි.
2025 දෙසැම්බර් මස 18
62
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
135
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
934
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විපක්ෂනායකගෙන් විදේශ ඇමතිට යෝජනාවක්
Prabha Thursday, 07 December 2023 03:02 PM
ඔක්කොම හොරු .ඉතින් කවුද අල්ලන්නේ
Prabha Thursday, 07 December 2023 03:02 PM
ඔක්කොම හොරු .එතනින් කවුද අල්ලන්නේ
මොහොට්ටාල Thursday, 07 December 2023 03:48 PM
නිදි වරාගෙන වැඩ කරනවා වගේම ඉවසීමෙන් වැඩ කිරීමත් ඕනෑ කියලා කියන්න කැමතියි (නිදි වැරුවා දහස් වටී ඉවසමනා දහස් වටී කියලා පැරණි කියමනක් තියෙනවා)
රංබොඩ Thursday, 07 December 2023 04:15 PM
පුතාණෝ හිටු කියලා කට්ටියකට කඩේ යනවා. ඡන්ද ටික බලාගෙන. මේ නිවට ගති නිසා තමයි මොවුන් රටට අහිතකර වැඩ කරන්න පෙළඹෙන්නේ. තමන්ට ඡන්ද ලැබෙනවා නම් රටක්, ජාතියක් නෑ මොවුන්ට...!
Prasanna Thursday, 07 December 2023 04:42 PM
මෙයාගේ තාත්තා ළඟ සල්ලි ඇති...
Bamunuarachchi Thursday, 07 December 2023 06:13 PM
ලොක්කා මෝඩ කතා කියන්න එපා... ඉක්මන් වෙන්න එපා. බැරිවෙලාවත් කාලකන්නි ජෙප්පන් බලයට ආවොත් ඒ මිනිස්සුගේ සල්ලිවලට මොකද වෙන්නේ...? අපි හදන්නේ අපේ මෙහෙ තිබෙන ඩොලර් ටිකත් පිටරට ඇදගන්න. මෝඩයෝ JVP එකට ඡන්දෙ දුන්නොත් හෙන 14ම වදිනවා.