ටෝනි හසන් අභාවප්‍රාප්ත වෙයි ජනප්‍රිය සහ ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පී ටෝනි හසන් මහතා අභාවප්‍රාප්ත විය. 17 May 2023
නව ආණ්ඩුකාරවරු දිවුරති වයඹ ,උතුර සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරුන් තිදෙනා මීට සුළු මොහොතකට පෙර පත් කරන ලද බව ජනාධිපති කාර්යාලය පවසයි. 17 May 2023
හොරෙන් රට පනින්න ගිය ග්‍රාම නිලධාරි ඇතුළු 11කට වැඩ වරදී ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කර ජෝර්ජියාවට යාමට උත්සහ කළ බව කියන ග්‍රාම නිලධාරී වරයෙකු ඇතුළු පිරිමි පුද්ගලයින් නම දෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී රහස් පොලීසියේ කටුනායක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන තිබේ. 17 May 2023
මත් ජාවාරමක වැලක් මාට්ටු අයිස් මත් ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාලයක සාමාජිකයන් බව කියන බන්ධනාගාර ජේලර්වරයකු ඇතුලු 11 දෙනකු සමග අයිස් මත් ද්‍රව්‍ය ග්‍රෑම් 25 අත් අඩංගුවට ගත් බව ගම්පහ මූලස්ථාන පොලීසිය සඳහන් කරයි. 17 May 2023
සැකකරු බලා නොගත් පීසිගේ වැඩ තහනම් හෙරොයින් ළග තබා ගැනීම සහ වරෙන්තු කිහිපයකට අදාළව තලංගම පොලිසිය මගින් තලවතුගොඩ ප්‍රදේශයේ අත්අඩංගුවටගෙන සිටි සැකකරුවෙක් පොලිස් ජිප් රථයෙන් පලා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැරයන්වරයෙකුගේ සහ කොස්තාපල් වරයෙකු ගේ වැඩ තහනම් කර ඇති බව පොලිසිය පවසයි. 17 May 2023
පිය - පුතු දෙපළ ජිප් රියට බිලි මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකු පැදවූ ජිප් රථයක ගැටුණු පිය පුතු දෙපොළක මියගිය බව මහනුවර පොලිසිය කියයි. 17 May 2023
ඒ.ටී.එම්. යන්ත්‍රය කඩන්න බැරි වේ වීරවිල නගරයේ සවි කර ඇති රාජ්‍ය බංකුවට අයත් ඒ.ටී.එම් යන්ත්‍රයක් කඩා මුදලි ලබාගැනීම කළ උත්සහායක් පොලිසිය නිසා වැලකී ඇත. 17 May 2023
තැනින් තැනට අදත් පොඩි වැස්සක් බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව්, වවුනියාව සහ පොලොන්නරුව දිස්ත්රික්කවලත්දි සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. 17 May 2023
පොල්තෙල් ව්‍යාපාරිකයා වෙඩි තබා මරලා පදවිය මහසෙන්පුර ප්‍රදේශයේ නිවසකට පැමිණි පිරිසක් සිදු කළ වෙඩි තැබීමකින් සුළු ව්‍යාපාරිකයකු වූ 38 හැවිරිදි දෙදරු පියකු මියගොස් ඇතැයි පදවිය පොලිසිය පවසයි. 17 May 2023
අලුත් ආණ්ඩුකාර තනතුරුවලට නම් තුනක් ? උතුර සහ නැගෙනහිර සහ වයඹ පළාත් වල නව ආණ්ඩුකාරවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී හෙට (17) පෙරවරුවේ දිවුරුම් දෙති. 16 May 2023
මෝටර් රථයෙන් ආ මාරයා සිසුවා ඩැහැ ගනී ඉපලෝගම මහඉලුප්පල්ලම ප්‍රදේශයේදී මෝටර් රථයක් හා පා පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් 15 හැවිරිදි පාසල් සිසුවකු එම ස්ථානයේදීම ජීවීතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි. 16 May 2023
ඉඩම් ආරවුල ඝාතනයකින් අවසන් වේ ඉඩමක් සම්බන්ධව ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් බෙලිඅත්ත වැවහේන ගලගම ප්‍රදේශයේ පුද්ගලයකු කපා කොටා මරාදමා ඇතැයි බෙලිඅත්ත පොලිසිය කියයි. 16 May 2023
වසර 33 කට පෙර ඝාතනයක සුලමුල ටික ටික එළියට අනියම් සැමියා සමග එක්ව ඝාතනයට කළ බව කර වළ දැමූ ස්ථානයේ සිදු කළ කැනීම්වලදී ඝාතනය ලක් වූ ජිනදාස නැමැත්තාගේ බවට සැලකෙන අත්පාවල අස්ථි කොටස් කිහිපයක් දත් කිහිපයක් ද ඇඳුම් කැබලි කිහිපයක් හමු වූ බව පොලිසිය කියයි 16 May 2023
කළුතර සිද්ධියේ සැකකරුවන් හමුවන්න සී.අයි.ඩීය යයි කළුතර නගරයේ ලැගුම් හලකට ගොස් සිටියදී එහි පස්වන මහලින් වැටී 16 හැවිරිදි පාසල් දැරියක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කර සිටින ප්‍රධාන සැකකරු ඇතුලු සැකකරුවන්ගෙන් සිව්දෙනාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරි දිනවල කළුතර බන්ධනාගාරයට ගොස් සිද්ධියට අදාල ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. 16 May 2023
විදුලි ත්‍රිවිල් බලන්න ඇමැති බන්දුල යයි ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා, විදුලි ත්‍රිරෝද රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. 16 May 2023
ඉන්දීය නාවික හමුදා නෞකාවක් ත්‍රිකුණාමලයට ඉන්දීය නාවික හමුදාවේ ‘අයි.එන්.එස්. බට්ටි මල්ව්’ නැමැති නෞකාව නිල සංචාරයක් සඳහා අද (16) ත්‍රිකුණාමලය වරායට සේන්දු විය. 16 May 2023
ගෝඨාට බෝම්බ ගැසුවැයි කී ඉංජිනේරුවා නිදහස් හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ව සිටියේ දී කොල්ලුපිටිය පිත්තල මංසන්ධියේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට චෝදනා කරමින් වසර 17 ක කාලයක් රිමාන්ඩ් භාරයේ රඳවාගෙන සිටි කොටි සාමාජිකයකු බව පවසන ඉජිනේරුවරයකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (16) නියම කළේය. 16 May 2023
සිසුවා තරුණියන් රවටා නිරුවත් ෆොටෝ ගෙන්වා ගෙන ප්‍රසිද්ධ නිරූපිකාවන් දෙදෙනකුගේ නමින් ව්‍යාජ ලෙස වට්ස්ඇප් ගිණුම් දෙකක් සකස් කර නිරූපණ ක්ෂේත්රයේ රැකියා ලබාදෙන පවසා රූමත් ලාබාල තරුණියන්ගේ නිරුවත් ඡායාරූප උපක්රමශීලීව ගෙන්වා ගත් පාසල් සිසුවකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසයේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය කියයි 16 May 2023
සජබ ජනපති අපේක්ෂක සමගි ජන බලවේගයේ මීලඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා පක්ෂ නායක සජිත් ප්‍රේමදාස බවට අද(16) රැස්වූ එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව තීරණය කරනු ලැබීය. 16 May 2023
ඡන්දයක් ගන්න හැටි ජනපති ද්‍රවිඩ මන්ත්‍රීන්ට කියයි බලය බෙදීම වෙනුවෙන් පෙනී නොසිටියත් මැතිවරණයක් ලබා ගැනීම සඳහා තමන් තදින්ම ඉදිරිපත්ව සිටින බව ද්‍රවිඩ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ ප්‍රකාශ කළහ. 16 May 2023
දේවගැති ජෙරම්ට විදෙස් ගමන් තහනම් ආගමික සංහිඳියාවට හානි වන අයුරින් බුදුදහම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළැයි කියන දේවගැති ෆාස්ටර් ජෙරම් ප්‍රනාන්දු යන අයගේ විදේශ ගමන් තහනම් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (16) නියෝගයක් නිකුත් කළේය. 16 May 2023
දේවගැති ජෙරම් රටෙන් පනී බුදුරජාණන් වහන්සේට හා බුදු දහමට අපහාස වන අයුරින් පසුගියදා ආන්දෝලනාත්මකව ප්‍රකාශයක් බව කියන දේවගැති ජෙරම් ප්‍රනාන්දු ඊයේ (15) අලුයම සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. 16 May 2023
දේශීය ආදායම් නිලධාරීහු හෙට ලෙඩ නිවාඩු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීහු හෙට (17) ලෙඩ නිවාඩු වාර්තා කර සේවය නොපැමිණසිටීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වෙති. 16 May 2023
අමාත්‍යංශ ලේකම්ගේ ඉල්ලීම වෛද්‍ය සභාවෙන් කුණු කූඩෙට නොදන්වා සේවය හැර ගොස් සිටින වෛද්‍යවරුන් සිවුදෙනකුගේ ලියාපදිංචිය අහෝසිකරන්නැයි අමාත්‍යංශයේ ලේකම්වරයා කර තිබෙන ඉල්ලීමක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ප්‍රතික්ෂේප කර තිබේ. 16 May 2023
පොලිස් කොමිසම පත් කරයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජාතික පොලිස් කොමිසමට සාමාජිකයින් පත් කර තිබේ. 16 May 2023
වෛද්‍ය සිසුන්ගේ පාගමනට පොලිසියෙන් ජල ප්‍රහාර ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමයේ විරෝධී සහ පාගමනට පොලිසිය අද (16) පස්වරුවේ කොළඹ 7 හෝර්ටන් පෙදෙසේ දී ජල ප්‍රහාරයක් එල්ල කළේය. 16 May 2023
කෝටි 90,000ක බදු පොල්ලක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් කෝටි අනූ දහස් හාරසීයක්(90,400) 2022 දෙසැම්බර් 31 වනවිට අය කරගෙන නැතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණයවිය. 16 May 2023
දොස්තර ෂාෆිගේ පෙත්සම විසි කරයි තමන් අත් අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ රඳවා තබා ගැනීම මගින් තම මූලික අයිතිවාසිකම් කඩවන ලදැයි සඳහන් කරමින් ඒ සඳහා වන්දි ලබා දෙන ලෙස ඉල්ලා දොස්තර ෂාෆි ෂිහාබ්දීන් මහතා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළේය. 16 May 2023
අමරපුර මහා නාහිමියෝ අපවත් වෙති බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා යුග මෙහෙවරක් ඉටුකළ හෙළ පඬිරුවනක්වූ දොඩම්පහල චන්දසිරි අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක හිමියෝ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී අද (16) උදෑසන අපවත් වූහ. 16 May 2023
සාපෙළ සිසුන්ට දැනුම් දීමක් මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත මෙතෙක් ජාතික හැදුනුම්පත ලබාගෙන නොමැති විභාග අපේක්ෂකයන් ඒ සඳහා අයදුම්පත අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාහාම යොමුකළ යුතු බවත් ඉල්ලුම්පත යොමු කළ ද මෙතෙක් ජාතික හැදුනුම්පත තහවුරු කරන ලිපිය නොලැබුණු ඉල්ලුම්කරුවන් එම දෙපාර්තමේන්තුවෙන් විමසීම් කළ යුතු බවත් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා පැවසීය. 16 May 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026