(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා විදුලිබල පනත නමින් ගැසට් කර ඇති පනත් කෙටුම්පත දෙසැම්බර් 5 වැනිදා ගැසට් කළ බව සඳහන් කර තිබුණ ද 5 වැනිදා වනවිට එවැනි කෙටුම්පතක් රජයේ මුද්‍රණාලයේ වෙබ් අඩවියේ පළකර නොතිබුණු බවත් මෙම විදුලිබල පනත කුමන්ත්‍රණයක් බවත් පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා අද (8) පැවසීය.
පුබුදු ජයගොඩ මහතා කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එසේ පැවසීය.
එවැනි පනතක් මුද්‍රණයක් සඳහා දෙසැම්බර් 5, 6 හෝ 7 යන දිනවල ලැබී නොතිබුණේ යැයි රජයේ මුද්‍රණාලය පවසන් බවත් දෙසැම්බර් 8 වැනිදා අළුයම 3.00 ට පමණ රජයේ මුද්‍රණාලයේ වෙබ් අඩවියේ පලවීමත් සමඟ ගැසට් කළ දිනය ලෙස දෙසැම්බර් 8 වැනිදා ලෙස සදඟන් වියයුතු බවත් ජයගොඩ මහතා කීය.
නීතියේ ආකාරයට පනත් කෙටුම්පතක් ගැසට් කර දින 7 කට පසුව එය පාර්ලිමේන්තුවේ සභාගත කළ පසු එතැන් සිට පුරවැසියන්ට අධිකරණයට යන්න දින 7 ක කාලයක් ඇති බව කී ජයගොඩ මහතා පැවසුවේ මේ අනුව විදුලි බල මණ්ඩලය විකුණන පනත දෙසැම්බර් 5 ගැසට් කළේ යැයි සැලකුවොත් එය දෙසැම්බර් 12 දිනට පසුව පාර්ලිමේන්තුවේ සභාගත කළ හැකි බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයගොල්ලන්ට බුරන්න විතරයි පුළුවන් හපන්න බැහැ... අරගලයත් අල කරන්න නම් සෑහෙන්න මහන්සි වුණා...
බුරනවා නොවෙයි. සිහිබුද්ධියෙන් අහන්න මෙයා කියන දේ...!