(යොහාන් භාසුර)

කැලණිය විශ්වවිද්‍යාලයේ වසා තිබෙන පීඨ තුන නැවත ලබන සඳුදා (11) විවෘත කරන බවත් ඒ අනුව විද්‍යා, වාණිජ හා කළමණාකරණ සහ තාක්‍ෂණ පීඨ මෙසේ නැවත අධ්‍යාන කටයුතු සඳහා විවෘත කරන බවත් එම විශ්වවිද්‍යාල පරිපාලනය පවසයි.

එම විශ්වවිද්‍යාලයේ ආරක්‍ෂක නිලධාරියෙක්ට පහරදීමේ සිද්ධියක් හේතුවෙන් පසුගිය 5 වැනිදා වෛද්‍ය පීඨය හැර සෙසු පීඨ දින නියමක් නොමැතව වසා දැමූ අතර එම සිද්ධියට සම්බන්ධ යැයි කියන සිසුන් සිවුදෙනෙක්ගේ පංති තහනම් කළේය.