(අංජුල මහික වීරරත්න)

සත්‍යය, සමගිය සහ සංහිඳියාව සඳහා වන ස්වාධීන කොමිෂන් සභාවක් පාර්ලිමේන්තු පනතක් මගින් පිහිටුවීමට රජය සැලසුම් කර තිබේ. 

ඊට අදාළ නීති කෙටුම්පත් කිරීම සඳහා වන සංකල්ප පත්‍රිකාව පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කර සකස් කරමින් පවතින බව ජනාධිපති කාර්යාලය පවසයි.

 සත්‍යය, සංක්‍රාන්තික යුක්තිය, සංහිඳියාව, වන්දි ගෙවීම සහ සමාජ ඒකාබද්ධතාවයෙන් ජාතික සමගිය ශක්තිමත් කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක මෙම වැඩසටහන සඳහා වැඩිදුර අදහස් ලබාගැනීම නුදුරේදීම ආරම්භ වීමට නියමිත බවද ජනාධිපති කාර්යාලය පවසයි.