(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙනුවෙන් ආයෝජකයන් හත් දෙනෙකු ඉදිරිපත්ව ඇතැයි තමාට දැනගන්නට ඇති බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසීය.
එම ආයෝජකයන් කැඳවීමේ කටයුත්ත කරන්නේ මහා භාණ්ඩාගාරය බවද ඔහු සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.
ගුවන් නියමු තනතුරු සඳහා දෙසීය දෙනකු අයදුම්පත් යොමු කර ඇතැයිද නිමල් සිරිපාල සිල්වා මහතා කීවේය.
ආයෝජකයකු ආව පමණින් බෙල්ල මිරිකා සල්ලි ගත නොහැකි බවත් ඔහු මෙහෙයවිය යුත්තේ මල නොතලා රොන් ගන්නා ආකාරයට බවත් ඔහු පැවසීය.
ඔහුටත් යම් වාසියක් අත්වන ආකාරයට කටයුතු කළ යුතු වන බවද අමාත්‍යවරයා කිවේය.
ගාලු වරාය ත්‍රිකුණාමල වරාය ලාභ ලබන තත්වයට ගෙන ආ බව පැවසූ අමාත්‍යවරයා වරායන් ගුවන්තොටුපළවල් රජයේ පාලනයෙන් මිදිය යුතු බවද ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදිමතයාට හොද්ද බොර වේවි වගේ නේද?
"ආයෝජකයෝ හත් දෙනෙක් ඉන්නවා කියලා දැන ගත්තා " ඒ කියන්නේ ආයෝජකයෝ තාම ඉන්නේ කොමිස් arrangement එක දාන පුද්ගලයෝ ගාව. අතයට ගණුදෙනු කතාකර ගත්තාට පසුව තමයි ආයෝජකයින් ඇමතිට මුණගස්වන්නේ. ඒකයි ක්‍රමය නේද?
තක්කඩි මෙයා, මල නොතලා රොන් ගන්න ඔයා තමා සුදුසුම කෙනා. ආයෝජකයකු ආව පමණින් බෙල්ල මිරිකා සල්ලි ගැනිම කෙසේ නමුත්, ගැහැණුන් මිරිකන්න දස්සයා ....අපතය !!!
‘‘ඔහුටත් යම් වාසියක් අත්වන ආකාරයට කටයුතු කළයුතු වන බවද අමාත්‍යවරයා කිවේය.‘‘
එන් පී පී ආණ්ඩුවක් එනකල් ඕක ප්‍රමාද කරන්න බැරිද? නැත්නම් ඕක තුට්ටු දෙකට කොන්ත්‍රාත් ගහලා හොඳම ටික කොමිස් වලින් ගනියි...
ඔහුටත් යම් වාසියක් අත්වන ආකාරයට කටයුතු කළ යුතු වන බවද අමාත්‍යවරයා කිවේය.
හත් දෙනාගෙන් මෙයාට වැඩිම කුට්ටිය දෙන කෙනා දිනුම්
ඔන්න නිමල් සිරිපාල ගොඩම ගියා
බොරුවට කේවල් කරකර ඉන්නේ නැතුව දෙන කොමිස් එකක් අරගෙන ඉක්මණට ඕක කාට හෝ දීලා දමලා සල්ලි ටික පිටරට ඇරලා ඔයත් පිටරට පදිංචියට යන්න ලෑස්ති වෙන්න..., වැරැදිලාවත් NPP ආණ්ඩුවක් ආවොත් ඔයා ඇතුලේ...!
පල් හොරු ගෙදර පලයල්ලා..!