(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
වර්ෂාව සමග විදුලිබල මණ්ඩලයට ලැබුණු වාසිය සැලකිල්ලට ගෙන විදුලි බිලට ලබන මාසයේදී සංශෝධනයක් ගෙන එන බව විදුලි බල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය.
නව විදුලි පනත සම්බන්ධයෙන් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී හෙට (9) ප්‍රකාශයක් කරන බවද ඔහු සඳහන් කළේය.
ඉන්දික අනුරුද්ධ මහතා මෙසේද පැවසීය.
විදුලි පනත ගැන අද මෙතනදි කතා වුණා. මේ විදුලි බල පනත හදන්න අවුරුද්දක් තිස්සේ කමිටු පිහිටවලා කටයුතු කළා. මන්ත්‍රීවරුන්ටත් ඒ ගැන කරුණු පැහැදිලි කළා. මෙය කොලේ වහලා හංගල කරන කටයුත්තක් නොවෙයි.
විදුලි බිල අප්‍රේල් මාසයේ සංශෝධනය වෙන්න තිබිච්ච එක වර්ෂාව සමග විදුලි බල මණ්ඩලයට ලැබිච්ච වාසිය සැලකිල්ලට ගෙන ජනවාරි මාසයේදී සංශෝධනයක් ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා.
ලබන සතියේ මේ ගැන සාකච්ඡාවක් තියෙනවා විපක්ෂයේ ඔබතුමාලගේ දැනුම තියෙන අය ඒකට සම්බන්ධ කරන්න. එතනදි ඔබලාගේ අදහස දෙන්න. ඊට පස්සේ අපිට ඒ සංශෝධනය ජනවාරි මාසයේදී සිද්ධ කරන්න පුළුවන්.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාලගේ කෙරුවාව.., මේ ලයිට් කැපිල්ල නිසා අසනීප හාමුදුරුවරු අපවත් වෙනවා.
පිංජනාගේ පිංගුත්තරයෝ. ඔයාලා ඔක්කෝටම මහින්ද විජේසේකර ලොක්කාට වෙච්චි දේම සිද්ධ වෙන්න ඕනෑ...
අවුලක් නෑ... ඊට පස්සේ ඡන්දෙ ඉල්ලන්නත් එන්න. ගේට් එකෙන් ඇතුළට අරන්... මාළු කපනවා වගේ කපන්නේ... වෙන කිසිම දෙයක් කරන්නේ නෑ...
ඈ බොල,... පාහර, අසමජ්ජාති, තාඩන, පීඩන, බදුගැහිලි අපි හැමදාම ඉවසන් ඉඳියි කියලාද...? අමන, පොහොට්ටු වසලයින් කියලද හිතන් ඉන්නේ, තියන්නකෝ ඡන්දේ බලාගතහැකියි වෙන දේ...!
ඉන්දික මේ කියන ඒවා කාංචන දන්නවාද? මොකද ඕගොල්ලන්ගේ වම්අත කරන දේ දකුණු අත දන්නේ නැහැ.
පනත ගැන විවාදයේදී අඩුපාඩු ගොඩක් ගැන කිව්වා ඔහොම දේවල් වෙන්නෙ එම ලියවිලි හදන කෙනාම ලොක්කට පෙන්වා අත්සන් කර ඉහළට යවන නිසා කියලා අවධාරණයෙන් කියන්න පුළුවන් ඔය තත්වය උපාධිධාරී නිළධාරි බදවා ගැනීමට පස්සෙ ඇති වුනා කියන්න පුළුවන් එයට පෙර ලියවිලි සැකසීම කලාට පස්සෙ ආසන්න තම උසස් නිළධාරි හරහා ක්‍රමයෙන් ඉදිරියට යවන ක්‍රමය මගින් සියලු අඩුපාඩු ඉවත්වී නිවැරදි ලිපියක් ඉදිරියට ගියා දැන් එහෙම වෙන්නෙ නැහැ අඩුම තරමින් සෝදුපත් බැලීමක් නැහැ මෙහිදී වෙලා තියෙන්නෙ ඒක නොවෙයි කියලා කියන්න බැහැ එහෙමත් බලා ඉදිරිපත් කලානම් කලමැරීමේ ක්‍රමයක් තමයි කරල තියෙන්නෙ කියන්න පුළුවන් උදාහරණයක් හැටියට කියනවානම් එක් දෙපාර්තමේන්තුවක් සදහා බදවා ගැනීම කරන්නෙ 70% විවෘත විභාගයෙන් හා 30% සීමිත විභාගයෙන් වුනත් විවෘත විභාග අයදුම්පත් කැදවා තියෙන්නෙ 30% අභ්‍යන්තරයේ අයගෙන් කියලා හා සීමිත විභාගයේ කැදවීමේදී 70% විවෘතව ගන්නවා කියලා එහෙම නම් සීමිත විවෘත කියලා විභාග දෙකක් අවශ්‍ය නැහැ අදාල දෙපාර්තමේන්තුවේ නිළධාරි කියන්නෙ රාජ්‍ය සේවා කොමිසමේ අය අනුමත කලේ ඔහොම කියලා තමයි එහෙම නිළධාරි එක්ක කොහොම රටක් හදන්නද