නාහිමි දේහයට මල් ඉහින්න මහ පිරිසක් දොඩම්පහල චන්දසිරි ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක හිමියන්ගේ දේහයට අවසාන ගෞරව දැක්වීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල මහා සංඝරත්නය, දේශපාලන නායකයෝ විවිධ ක්ෂේත්රවල පිරිස් සහ ජනතාව උන්වහන්සේගේ දේහය තැන්පත් කර ඇති රාජගිරිය කලපළුවාව තපෝවන විහාරස්ථානයට වැල නොකැඩී පැමිණෙමින් සිටිති. 18 May 2023
රට ස්ථාවර වූ සැනින් ආචාර්ය ගැටලු විසඳනවා දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ එළැඹෙන සැප්තැම්බර් මාසය වන විට සාර්ථකව අවසන් කර රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීමෙන් පසුව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉල්ලා සිටින මූල්‍ය සහනයන් ඇතුළු වරප්‍රසාද පිළිබඳ සලකා බැලීමට රජයට හැකි වනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 18 May 2023
ලංකා බැංකුවේ වාර්ෂික වාර්තාව ජනපතිට ලංකා බැංකුවේ 2022 වර්ෂයට අදාළ වාර්ෂික වාර්තාව, ලංකා බැංකුවේ සභාපති ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා මහතා විසින් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත මුදල් අමාත්‍යාංශයේ දී අද (18) පිළිගන්වනු ලැබීය. 18 May 2023
ශ්‍රී ලංකා ගුවන්සේවා ආරක්ෂාවට ජාත්‍යන්තර පැසසුම් ශ්‍රී ලංකාවේ ගුවන්සේවා ආරක්ෂාව ඉතා උසස් මට්ටමක පවත්වා යෑමට අවශ්‍ය සියළු පියවරයන් ගෙන ඇති බවත් ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ගුවන්සේවා කර්මාන්තය මෙන්ම ශ්‍රී ලංකාවට අයත් ගුවන් කලාපය ද වඩාත් ආරක්ෂිත බවත් ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය පැවැත්වූ ගුවන්සේවා ආරක්ෂාව පිළිබඳ ජාත්‍යන්තර විගණනයෙන් තහවුරු විය. 18 May 2023
ජෙරම්ගේ රැස්වීමට තහනම් නියෝගයක් දෙන්න බුදු රජාණන් වහන්සේට සහ බුදු දහමට අපහාස වන අයුරින් ප්‍රකාශයක් සිදු කළ බව කියන දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් ලබන 21 දින ඔහුගේ මුලස්ථානයේ අනුගාමිකයන්ගේ ඒකරාශි කරගනිමින් පැවැත්වීමට නියමිත රැස්වීමට එරෙහිව තහනම් නියෝගයක් ලබා ගන්නා ලෙසට ඉල්ලමින් පිවිතුරු හෙළ උරුමය පක්ෂ්ය විසින් අද (18) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. 18 May 2023
ලක්ෂ 300 ක ජීප් රථය ලක්ෂ 30 කට උකස් කරලා මෘදුකාංග ඉංජිනේරුවරයෙකු ට අයත් රුපියල් ලක්ෂ 300 ක් පමණ වටිනා ලෑන්ඩ් කූශර් වි එයිට් වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථය රුපියල් ලක්ෂ 30කට උකස් තැබූ නුගේගොඩ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි 18 May 2023
විදෙස් ගමන් බලපත දින තුනෙන් නිවෙසට විදේශ ගමන් බලපත්‍රය සඳහා අයදුම්පත්‍රය මාර්ගගත ක්‍රමයට ලබාගෙන දින තුනකින් තැපෑලෙන් ගමන් බලපත්‍රය නිවසට යොමු කරන නව ක්‍රමයක් ලබන ජූනි මස ආරම්භ කරන බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා අද (18) පැවසීය. 18 May 2023
ජෙරොම්ට එරෙහිව ඇල්ලේ ගුණවංශ හිමිගෙන් පෙත්සමක් බුද්ධාගම ඇතුළු අනෙකුත් ආගම්වලට අපහාසාත්මක ප්‍රකාශ සිදු කළා යැයි පවසන දේවගැති ජෙරොම් ප්‍රනාන්දු වහාම අත් අඩංගුවට ගෙන විමර්ශන පවත්වා නඩු පවරන ලෙස ඉල්ලමින් ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු ආගමික නායකයන් සිව් දෙනකු ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත. 18 May 2023
පන්නිපටිය ධර්මපාල ආදි ශිෂ්‍යයෝ ඩුබායි ක්‍රිකට් තරගය ජය ලබති එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ වෙසෙන පන්නිපටිය ධර්මපාල විදුහලේ සහ මාතර රාහුල විදුහලේ ආදි සිසුන් අතර දෙවැනි වාර්ෂික විස්සයි20 තරගයෙන් ධර්මපාල විදුහලේ ආදි සිසුවෝ කඩුලු 9 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ. 18 May 2023
ෆිනෑන්ස් සමාගමක තිදෙනෙක් දරුවකුට කැත වැඩක් කරලා කාත්තන්කුඩි සිට රෝගියකු බැලීම සඳහා තනියම කුරුණෑගල ශික්ෂණ රෝහලට පැමිණි 14 හැවිරිදි පිරිමි දරුවකුට ෆිනෑන්ස් සමාගමක කාර්ය මණ්ඩල සාමාජිකයන් තිදෙනකු බරපතල ලිංගික අතවරයකට පත් කර ඇතැයි පොලිසිය කියයි. 18 May 2023
කෝටි 200 කුඩු වරායට ගෙන එයි ශ්‍රි ලංකාවට දකුණ දෙසින් වු මුහුදු සීමාවේ දී රුපියල් කෝටි 200 ට ආසන්න වටිනා හොරොයින් සහ හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් මෙරට බහුදින ධීවර යාත්‍රාව සහ ධීවරයන් හය හයදෙනා අද (18) පස්වරුවේ කොළඹ වරාය වෙත රැගෙන ආ බව නාවික හමුදාව කියයි. 18 May 2023
පාස්පෝට් කාර්යාලයට සී.අයි.ඩී.ය කැඳවයි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සේවා ලබාදෙන බවට පවසමින් ජනතාවගෙන් මුදල් ලබාගන්නා පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (සී.අයි.ඩී.) සහ අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසමේ නිලධාරීන් යොදවා ඇතැයි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 18 May 2023
පණුවොත් එක්ක රටඉඳි කවන්න බැරිවෙයි මීරිගම කල්එලිය ප්‍රදේශයේ කේක් නිෂ්පාදනය සඳහ පළතුරු සකස් කරන ආයතනයක කල් ඉකුත් වූ හා පනුවන් සහිත රට ඉදි තොගයක් වෙළද පොළට නිකුත් කිරීමට සකස් කරමින් තිබියදී අද ( 18) ගම්පහ පාරිභෝගික අධිකාරියේ විශේෂ විමර්ශන නිළධාරීන් පිරිසක් විසින් වටලනු ලැබීය. 18 May 2023
උතුරේ දරුවෝ 700ක් මැතිසබයට යාපනයේ පාසල් රැසක සිසු සිසුවියෝ 700 දෙනෙක් පාර්ලිමේන්තුව නැරඹීම සඳහා පසුගිය 12 වැනිදා පැමිණියහ. 18 May 2023
සක්විතිගේ නඩුවට දින දෙයි සමාගම් පණතට පටහැනි ආකාරයට මුල්‍ය සමාගමක් පවත්වාගෙන යමින් වැඩි පොළී ලබාදෙන බව පවසා මහජනතාවගෙන් රුපියල් කෝටි ගණනක මුදලක් තැන්පතු වශයෙන් වංචනිකව ලබා ගැනීම සම්බන්ධයෙන් සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳට එරෙහි නඩුව ජුලි මස 19 වැනිදා සිට විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබඳි මහතා අද (18) තීරණය කළේය. 18 May 2023
වගා ආරක්ෂාවට ගිනි අවි වගාවන්හි ආරක්ෂාව සඳහා ගිනි අවි බලපත්‍ර නිකුත් කිරීමට තීරණය කර ඇතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය. 18 May 2023
කොටි පරදා වසර 14යි: සැමරුම හෙට තිස් වසරක යුද්ධයේ දී දිවිපිදූ රණවිරුවන්ට ජාතියේ උත්තමාචාරය පුද කිරීම සඳහා 14 වන ජාතික රණවිරු සැමරුම් උළෙල සේනාධිනායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර ජාතික රණවිරු ස්මාරකය අසලදී හෙට (19) පස්වරුවේ පැවැත්වේ. 18 May 2023
මානසික ත්‍රස්තවාදය වලක්වන්නත් නව නීති මානසික ත්‍රස්තවාදය වැලැක්වීම සඳහා ඉතා කඩිනමින් නව නීති සම්පාදනය කළ යුතුව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. 18 May 2023
කෝටි 16 ක මත්ද්‍රව්‍ය වරායේදී අල්ලයි ඩුබායි සිට මෙරටට ආනයනය කළ බහාලුමක සූක්ෂ්ම ලෙස සඟවා හොර රහසේ රට තුළට ගෙන ඒමට උත්සහ කළ ‘ෂිෂා’ යන්ත්‍ර සඳහා භාවිතා කරන නිකටින් අඩංගු මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 8000 අධික තොගයක් සොයා ගැනීමට ශ්‍රී ලංකා රේගුවේ වරාය පාලන ඒකකය සමත් වූ බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව පැවසීය. 18 May 2023
ධනුෂ්ක චෝදනා තුනකින් නිදහස් ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ගොනුකර ඇති කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාව ඇතුළු චෝදනා 4 න් 3 ක් ඉවත් කර ගන්නා බව රජයේ නීතිඥවරයා ඩව්නිං සෙන්ටර් අධිකරණයට අද(18) දැනුම් දී ඇත. 18 May 2023
ඩොලරය 300 සීමාවෙන් පහළට ශ්‍රී ලංකා මහ බැංකුව අද(18) නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල දීර්ඝ කාලයකට පසුව රුපියල් 300 සීමාවෙන් පහලට පැමිණ තිබේ. 18 May 2023
පාදුක්කේ ළමයි 45 කට මන්දපෝෂණය පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල බල ප්‍රදේශයේ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 45 දෙනෙකු හඳුනාගෙන ඇතැයි පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී වෛද්‍ය ජගත් කුමාර මහතා පැවසීය. 18 May 2023
සියයට තුනක් බෑ සියයට 20ක් අඩු කළ යුතුයි විදුලි බල මණ්ඩලයේ මගින් දන්වා ඇති පරිදි සියයට තුනක විදුලි බිල අඩු කිරීමට තමා එකඟ නොවන බවත් තමාගේ කැමැත්ත සියයට 20 විදුලි බිල අඩු කිරීම බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (18) පැවසීය. 18 May 2023
දිවි ගලවා ගත් පොඞ්ඩෝ ඇමසන් වනයේ මීට සති දෙකකට පෙර සිදුවූ ගුවන් යානා අනතුරකින් දිවි ගලවා ගත් දරුවන් හතර දෙනකු ඇමසන් වනාන්තරයෙන් සොයා ගත් බව කොලොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්රෝ ප්‍රකාශ කර ඇත. 18 May 2023
ක්‍රිස්ටෝපර් පෝල් දිවි සැරිය නිමා කරයි ප්‍රවීණ සහ ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පී ක්‍රිස්ටෝපර් පෝල් මහතා අද (18) උදෑසන අභාවප්‍රාප්තවිය. 18 May 2023
දැරියක උස්සන්න හදලා:දෙකක් මාට්ටු සිය බාලසහෝදරයා සමඟ පාගමනින් නිවසට යමින් සිටි 12 හැවිරිදි බාලවයස්කාර පාසල් සිසුවියක ගිරාදුරුකෝට්ට බතලයාය කිවුලතලාව ප්‍රදේශයේ දී පැහැරගැනිමට තැත් කළැයි සැකපිට තරුණයන් දෙදෙනකු ත්‍රීරෝද රථයක් ද සමඟ අත්අඩංගුවට ගත් බව ගිරාදුරුකෝට්ට පොලිසිය පවසයි . 18 May 2023
මත්ද්‍රව්‍ය සමඟ හයක් නාවික හමුදා දැලේ ශ්‍රී ලංකාවේ දකුණු මුහුදේදී මත්ද්‍රව්‍ය තොගයක් සහිත බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් හය දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාවේ මාධ්‍ය අධ්යක්ෂ කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා පැවසීය. 18 May 2023
සේවා තුනක් අත්‍යවශ්‍ය කරයි සේවා තුනක් අත්‍යවශ්‍ය බවට ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. 18 May 2023
පදවි වැවෙන් හොරෙන් ජලය ගත්ත තිදෙනා රිමාන්ඩ් පදවිය වැවෙි වාන් දොරටුවට අධිබලැති ජැක් ගසා හොරෙන් ජලය ලබා ගත් බව කියන ව්‍යාපාරිකයා ඇතුළු සියලු සැකකරුවන් මේ මස 24 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් කසුන් කාංචන දසනායක මහතා නියෝග කළේය. 18 May 2023
අපලය දුර කරන්න ගිහින් අපලය පාත් වෙලා අපල දුර කර ගැනීම සඳහා සිය ආච්චි අම්මා සමග වීරවිල ප්‍රදේශයේ විහාරස්ථානයක පවත්වාගෙන යන දේවාලයකට ගිය කුඩා දරුවකුගේ අත පිළිස්සී ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි. 18 May 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026