කෝටි දෙකක කුඩු සමග තරුණයෙක් මාට්ටු රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමක් ඇති අයිස් මත්ද්‍රව්‍ය සමඟ සංවිධානාත්මක අපරාධ කරුවකුගේ ගෝලයකු බව කියන පුද්ගලයකු පානදුර අලුබෝමුල්ල දික්තුඩුව පාරෙදි අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 25 October 2023
ටිකිරි මැණිකේ පීලි පනී උඩරට දුම්රිය මාර්ගයේ තලවකැලේ හා වටගොඩ දුම්රිය ස්ථානය අතරදී ටිකිරි මැණිකේ දුම්රිය පීළි පැනීමට ලක් වු බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි. 25 October 2023
හරක්කටා බේරා ගන්න ගරිල්ලා මෙහෙයුමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ රැඳවුම් නියෝග මත රඳවනු ලැබ සිටින නදුන් චින්තක හෙවත් හරක් කටා සහ සලිදු මල්ෂික නොහොත් පානදුරේ කුඩු සලිදු නැමැති පාතාලකරුවන් මුදා ගැනීම සඳහා එම දෙපාර්තමේන්තුවට ප්‍රහාර මාලාවක් එල්ල කිරීමේ සැලැස්මක් පිළිබඳව බුද්ධි අංශවලට තොරතුරු අනාවරණයවී ඇතැයි ඒ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට ඊයේ(24) කරුණු වාර්තා කළේය. 25 October 2023
අමාත්‍යාංශ ලේකම් සංශෝධනයක ලකුණු අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරුන්ගේ සංශෝධනයක් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි. 25 October 2023
වලල්ලාවිට ප්‍රා.සභා හිටපු ජවිපෙ මන්ත්‍රිවරයකු දියේ ගිලි මරුට වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු තිබේ ඇලකට වැටී දියේ ගිලී මියගොස් සිටියදී අද හමුව ඇති බව වැලිපැන්න පොලිසිය පවසයි . 24 October 2023
මතීෂ වෙනුවට මැතිව්ස් ආදේශයට අයිසීසී අනුමැතිය ආබාධයට ලක්වූ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණගේ ස්ථානයට හිටපු නායක තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ආදේශ කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තාක්ෂණික කමිටුව අද 24) පස්වරුවේ අනුමැතිය දුන්නේය. 24 October 2023
ඇල්ල වැල්ලවාය මාර්ගය අවහිර වෙයි පවතින ධාරානිපාත වර්ෂාව සමඟ ඇල්ල වැල්ලවාය මාර්ගයට අද (23) ස්ථාන කිහිපයකින් ම දැවැන්ත ගස් කඩා වැටීම නිසා එම මාර්ගය සවස 7 පමණ සිට ගමනාගමනය මුළුමනින්ම ඇණහිට ඇති බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 24 October 2023
දරුවන්ගේ ලිංගික වීඩියෝ පට ජාවාරමක් ගැන විමර්ශනයක් ශ්‍රී ලාංකිකයින් කිහිප දෙනකු කුඩා දරුවන්ගේ ලිංගික දර්ශන ඇතුළත් විඩියෝ පට සමාජ මාධ්‍ය ඔස්සේ අලෙවි කරනු ලබන බවට ළමයින් සම්බන්ධයෙන් කටයුතු කරන ජාත්‍යන්තර සංවිධානයක් කළ පැමිණිල්ලක් අනුව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ළමා හා කාන්තා කාර්යංශය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතාට අද(24) කරුණු වාර්තා කළේය. 24 October 2023
පොලිස් රෝහල ළඟින් සොයාගත් පතුරම් ගැන අධිකරණයට දන්වයි නාරහෙන්පිට පොලිස් රෝහල් නේවාසිකාගාරය ආසන්නයේ තිබී ජීව උණ්ඩ 8 ක් සොයාගත් බවත් ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කළ බවත් නාරාහෙන්පිට පොලීසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසිංහ මහතාට අද (24) කරුණු වාර්තා කළේය. 24 October 2023
ජල ගාස්තුවටත් සූත්‍රයක් ජල ගාස්තුව සඳහා සූත්‍රයක් හඳුන්වා දීම කෙරෙහි අවධානය යොමුව ඇතැයි ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පැවසීය. 24 October 2023
විජය රාජා හස්තියා ජාතියට අහිමිවේද? ශ්‍රී දළදා වහන්සේ වඩම්මන ලද නැදුම්ගමුවේ විජය රාජා හස්තියා ගේ සිරුර සංරක්ෂණය කිරීම සඳහා නිසි ස්ථානයක් තෝරා නොගැනීම මත සංරක්ෂණ කටයුතු ප්‍රමාදවීම හේතුවෙන් හස්ති චර්මයේ ගුණාත්මකභාවය කෙරෙහි අවදානමක් මතුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 24 October 2023
නායකත්වයෙන් ඉවත් කළ දසුන් පන්දු යැවීම අරඹයි ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වෙමින් සිටියදී නායකත්වයෙන් සහ සංචිතයෙන් ඉවත් කළ වේගපන්දු යවන දසුන් ශානක බැංගලෝර්හිදී අද (24) පස්වරුවේ පැවති පුහුණු සැසියේදී පන්දු යැවීම ආරම්භ කළේය. 24 October 2023
ජනපති කොමිසමේ සාක්කි පටිගත කල නීතිඥයකුට වැඩ වරදියි ඉරුදින පාස්කු ප්‍රහාරය සොයා බැලීම පිළිබඳ පත් කළ ජනාධිපති කොමිසමේ සාක්කි ජංගම දුරකතනය මාර්ගයෙන් පටිගත කිරීම සම්බන්ධව චෝදනාවලට වරදකරු කළ නීතිඥවරයෙකුට මාස 8 ක කාලයකට ඔහුගේ නීතිඥභාවය අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. 24 October 2023
මහේල නැවත වැඩ අරඹයි ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ලක්නව්හිදී පැවැති තුන්වැනි තරගයෙන් පසුව නැවත ශ්‍රී ලංකාවට ගිය ශ්‍රී ලංකා පිලේ උපදේශක පුහුණුකරු මහේල ජයවර්ධන මහතා බැංගලෝර්හිදී අද (24) නැවතත් වැඩ ආරම්භ කළේය. 24 October 2023
නව තානාපතිවරු තිදෙනෙක් ජනපතිට අක්තපත්‍ර බාර දෙති ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ජනාධිපති කාර්යාලයේ දී අද (24) පෙරවරුවේ සිය අක්තපත්‍ර බාර දුන්හ. 24 October 2023
සුව සේවක වයස 60 සීමාව ඉවත් කරයි රාජ්‍ය හෙද සේවයේ විධායක පළමු අධි ශ්‍රේණිය සහ විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරීන් වයස 60දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය බල රහිත කරමින් අභියාචනාධිකරණය රිට් ආඥාවක් නිකුත් කළේය. 24 October 2023
අස්වැසුම ඉල්ලූ ලක්ෂ දෙකක් තාම ගිණුම් විවෘත කර නෑ අස්වැසුම සුබසාධක ප්රතිලාභ ගෙවීමේ වැඩසටහන සඳහා සුදුසුකම් ලබා ප්‍රදේශීය ලේකම් කාර්යාලයන්හි ප්‍රදර්ශනය කළ නාම ලේඛනයේ නම් ඇතුළත් වූ නමුත්, මෙතෙක් ප්රතිලාභ ලබා ගැනීම සඳහා බැංකු ගිණුම් විවෘත නොකළ සියලු ප්‍රතිලාභීන් හැකි ඉක්මණින් තම බැංකු ගිණුම විවෘත කරන ලෙස සුබසාධක ප්රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා දැනුම් දෙයි. 24 October 2023
මාකදුර ජලයෙන් යට වෙලා අධික වැසි හේතුවෙන් මාකදුර නගරය සහ දිද්දෙනිපොත ප්‍රදේශයේ පහත් බිම් රැසක් ජලයෙන් යට විය. 24 October 2023
දරුවන්ට පාසල් යන්න නාවික හමුදා පිහිට නිල්වලා ගඟ පිටාර ගැලීම නිසා අකුරැස්ස අවට පහත් බිම් සහ මාර්ග රැක් ජලයෙන් යටවීමත් සමග නාවික හමුදාව පාසල් දරුවන්ට අවශ්‍ය ගමනා ගමන පහසුකම් සලසාදීමට කටයුතු කළේය. 24 October 2023
අලි මිනිස් ගැටුමෙන් මේ වසරේ අලි 191 ක් මැරිලා අලි මිනිස් ගැටුම හේතුවෙන් වන අලින් 191 ක් වසරේ මේ දක්වා කාළය තුළ මිය ගොස් ඇතැයි වනජීවි දෙපාර්තමේන්තුවේ අලි සංරක්ෂණ අංශය පවසයි. 24 October 2023
‘විදුලි බිලෙන් ජනතාවට කරන්ට් වද්දවලා’ විදුලි බිල හරහා ජනතාවට කරන්ට් වද්දා ඇති ජනාධිපති ප්රමුඛ පොහොට්ටු ආණ්ඩුව මේ මොහොතේ රඟ දක්වන්නේ ඔවුන්ගේ අවසන් ජවනිකාව බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා කොළඹදී අද(24) පැවැසීය. 24 October 2023
දුම්රිය සීනු අක්‍රිය වෙලා: කෝටි 50ක් වතුරේ දුම්රිය දෙපාර්තමේන්තුව දුම්රිය හරස් මාර්ගවල සවිකර ඇති සීනු සහ විදුලි පද්ධතිවලින් සියයට පනහකට ආසන්න ප්‍රමාණයක් අක්‍රියවීම හේතුවෙන් මේ සඳහා වැය කර ඇති රුපියල් කෝටි 50 කට ආසන්න මුදලක් නාස්තිවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 24 October 2023
ඊශ්‍රායලයේ සිටින ලාංකිකයින්ගේ තොරතුරු රැස් කරයි වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව ඊශ්‍රායලයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා වීසා ලබාදීමට එසේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ තොරතුරු එක්රැස් කිරීමේ වැඩසටහනක් අද(24) සහ හෙට(25) ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී පවත්වන බව තානාපති නිමල් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. 24 October 2023
සේවිකාවට පහර දුන් යුවලෙගේ මනස පරීක්ෂාවට කාර්යාල සේවිකාවකට ඉතා අමානුෂික අන්දමින් පහරදුන් සමාගම් හිමිකරුගේ හා ඔහුගේ බිරිඳගේ මානසික තත්වය සම්බන්ධයෙන් මානසික වෛද්‍ය වාර්තා කැඳවීමට වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා නියම කළේය. 24 October 2023
අහසට වෙඩි තබා සැකකරුවෝ දෙන්නෙක් අල්ලති කොළඹ ඩී ආර් විජේවර්ධන මාවත මධ්‍යම තැපැල් හුවමාරුව අසලදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අහසට වෙඩි තබා පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. 24 October 2023
ගුරු විදුහල්පති විරෝධයට කඳුලු ගෑස් පිටකෝට්ටේ පාලම්තුන හංදිය අසල පැවැත්වෙන පාගමනක් විසුරුවා හැරීම සඳහා කඳුලු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළ කළේය. 24 October 2023
කුඩු අල්ලන්න විදෙස් බුද්ධි සේවා සහය ගන්න යයි විදෙස් රට වලින් මෙරටට ගෙන එන මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සඳහා විදෙස් බුද්ධි සේවාවන් ද සම්බන්ධ කර ගනිමින් ‘මත්ද්‍රව්‍ය විරෝධී’ බල අධිකාරියක් ( Anti-Narcotic Command) ස්ථාපිත කරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය. 24 October 2023
’’ආණ්ඩුව ගෙදර යවන්න අපිට පුළුවන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විරුද්ධව කටයුතු කරන්නේ නම් ආණ්ඩුව පෙරළා දැමීමට වුවත් හැකියාව පවතින බව නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පැවසීය. 24 October 2023
එකම විෂයේ බෙදුණු අමාත්‍යාංශ එක් කරයි එකම විෂය පථයකට අයත් දැනට බෙදී වෙන්ව පවතින අමාත්‍යාංශ ඒකාබද්ධ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. 24 October 2023
රාජ්‍ය රහස් පිට කළැයි ඉම්රාන්ට චෝදනා රාජ්‍ය රහස් ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට අධි චෝදනා ගොනු කෙරුණු බව එරට මාධ්‍ය වාර්තා කරයි. 24 October 2023
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026