
(මොහොමඩ් ආසික්)
දිවයිනේ බොහෝ ප්‍රදේශයවල පවතින අධික වැසි හේතුවෙන් දිස්ත්‍රික්ක අටක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 34 කට නිකුත් කළ නාය යෑමේ අනතුරු ඇඟවීම අද 11 සවස දක්වා වලංගු වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
ඒ අනුව, බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල,පස්සර, සහ හල්දුම්මුල්ල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවලට පළමු මට්ටමේ නිවේදනයද, හාලි ඇල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සඳහා දෙවන මට්ටමේ නිවේදනයද නිකුත් කර තිබේ.
කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට පළමු මට්ටමේ නිවේදනයද ඉංගිරිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සඳහා දෙවන මට්ටමේ නිවේදනයද නිකුත් කර තිබේ.
මහනුවර දිස්ත්‍රික්කයේ පාතදුම්බර උඩදුම්බර, උඩපළාත, මැදදුම්බර සහ ගඟවට කෝරළය යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සදහා පළමු මට්ටමේ නිවේදනයද යටිනුවර තුම්පනේ සහ පස්බාගේ කෝරළය යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ නිවේදනයද නිකුත් කර තිබේ.
කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවතගම රිදීගම සහ පොල්ගහවෙල යන ප්‍රාදේශය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනය නිකුත් කර තිබේ. මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල අඹන්ගඟ කෝරළය ලග්ගල පල්ලේගම සහ නාවුල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ මාතර දිස්ත්‍රික්කයේ කොටපොළ සහ පස්ගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනය නිකුත් කර තිබේ.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව,වලපනේ සහ හඟුරන්කෙත යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සදහා සහ රත්නපුර දිස්ත්‍රික්කයේ වැලිගෙපොළ ඕපනායක,ඇලපාත කලවාන,කුරුවිට යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සදහා පළමු මට්ටමේ නිවේදනයද බලංගොඩ සහ ඉඹුල්පේ යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ නිවේදනයද නිකුත් කර තිබේ.
2023 12 .10 දින පස්වරුවේ නිකුත් කර ඇති මෙම නිවේදනය 2023.12.11 වනදින පස්වරුව දක්වා බල පැවැත්වෙන් බවත් ජාතිකා ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කියයි.
2025 දෙසැම්බර් මස 18
127
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දිස්ත්‍රික්ක අටකට නාය අනතුරු අඟවයි