අද උණුසුම වැඩි දවසක් උතුරු, උතුරු මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලටත් මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද දැඩි උණුසුමක් දැනෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 18 May 2023
‘‘අරක්කු බෝතලයක් බොන්න දීලා එයාව මරන්න කීවා‘‘ “මට මෙයා අරක්කු බෝතලයක් ගෙනල්ලා බොන්න දීලා මිනිහ මරන්න කියලා කිව්වා. ඒ නිසා මම එයාව මැරුවා.” යැයි වසර තිස්තුනකට පෙර සිය අනියම් බිරිය සමග එක්ව ඇගේ නීත්‍යනුකූල සැමියා ඝාතනය කළැයි කියන සිද්ධියට අදාළ දෙදරු පියා මොරවක මහේස්ත්‍රාත් දුමින්ද බස්නායක මහතා ඉදිරියේ විත්ති කූඩුවේ සිට අද (17) ප්‍රකාශ කළේය. 17 May 2023
ඌව සරසවිය සඳුදා ඇරේ රටේ පැවති අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් දින නියමයක් නැතිව කල් දැමූ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සියලුම පීඨවල පළමු වසරේ භෞතික අධ්‍යයන කටයුතු මේ මස 22 වන සදුදා දින ආරම්භ කරන බව ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පවසයි . 17 May 2023
ලෝක හෙද දින උත්සවයේ කෑම පිළිණු වෙලා ජාත්‍යන්තර හෙද දිනය නිමිත්තෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සහ සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා ප්රමුඛ සෞඛ්‍ය ක්ෂේත්රයේ ඉහළම නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මහනුවර පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශ්‍රවණාගාරයේ අද (17) උදේ පැවති උත්සවයේදී එහි පැමිණ සිටි පිරිසකට පිළුණු වූ කෙටි ආහාර සමග තේ පැන් ලබාදී ඇතැයි වාර්තා වේ. 17 May 2023
දින 20ට කෝවිඩ් මරණ 16ක් වාර්තා වේ කොවිඩ් වසංගතය යළිත් හිස ඔසවමින් ඇති අතර, ඉකුත් දින 20ක පමණ කාලය තුළ කොවිඩ් රෝගීන් 16 දෙනකු මියගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 17 May 2023
සැමියාගේ සිරුර වළලන්න සල්ලි නැතිව දින 11 රෝහලේ විජලිත හා මන්දපෝෂණය සමග ඇති වූ ඇදුම රෝගය උත්සන්න වීමෙන් මියගිය 75 හැවිරිදි සැමියාගේ අවසන් කටයුතු කිරීමට ඔහුගේ බිරියට මුදල් නොමැති වීමෙන් දින 11ක් මාතර මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබූ සිරුරක් අද (17) කිහිපදෙනකුගේ මුදල් එකතුකොට මාතර සුසාන භූමියේදී සිදු කෙරිණි. 17 May 2023
දේවගැති ජෙරම් අත්අඩංගුවට ගන්න පුළුවන් බුදුන් වහන්සේට සහ බුදු දහමට අපහාස වන අයුරින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ බව කියන සිද්ධියෙන් පසු සිංගප්පූරුව බලා ගිය දේවගැති ජෙරම් ප්‍රනාන්දු මහතා දිවයිනට පැමිණි පසු අත්අඩංගුවට ගැනීමට හැකියාව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවැසීය. 17 May 2023
කිලිනොච්චි කෝවිලකින් සිරිපතුලක් මතුවේ කිලිනොච්චිය උරුතිරපුරම ප්‍රදේශයේ පිහිටි ශිව කෝවිල් භූමියෙන් වසර 2400කට වඩා ඉපැරැණි බවට සැලකෙන සිරිපතුලක් ඇතුළු බෞද්ධ පුරාවස්තු රැසක් හමුවී ඇත. 17 May 2023
බලය බෙදීම ගැන මාස තුනක් ඇතුලත තීරණයක් බිඳවැටුණු ආර්ථිකය ගොඩගැනීමට රජය ඉදිරිපත් කළ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ නිසි ලෙස ක්‍රියාත්මක කළහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දුන් ඉලක්ක පමණක් නොව ඉන් ඔබ්බට ගිය ආර්ථික සමෘද්ධියක් කෙටි කාලයකදී රටට උදාකරගත හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 17 May 2023
ඉම්රාන් යළි අත්අඩංගුවට ගැනීමේ උත්සහායක්? නැවත වරක් පොලිසිය තම නිවස වටකර ඇතැයි පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත. 17 May 2023
පාසල් වෑන් රියැදුරෙක් දැරියකට කැත වැඩක් කරලා පිළියන්දල නගරයේ ප්‍රසිද්ධ විද්‍යාලයක් ආසන්නයේදී පාසල් වෑන් රථයක සිටි වයස අවුරුදු හයයි මාස නවයක දැරියකට ලිංගික අතවර කළ බව කියන පාසල් වෑන් රථ රියදුරකු අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි. 17 May 2023
ලැව් ගිනි නිවන යානා තුනක් රත්මලානට ලොව පුරා ඇතිවන ලැව් ගිනි නිවන ගුවන් ගිනි රථ තුනක් අද (17) රත්මලාන තොටුපලට පැමිණ තිබිණි. 17 May 2023
ලොව දැවැන්තයෙක් කොළඹ වරායට වැන් හයි නෞකා ජාලයට අයත් වැන් හයි ඒ 10 නෞකාව අද (17) දින සිය ප්‍රථම ආගමනය සමගින් කොළඹ වරායට සේන්දු විය. 17 May 2023
එක්ස්ප්‍රස් පර්ල් නඩුව ගැන ජනාධිපති කාර්යාලයෙන් ප්‍රකාශයක් එක්ස්ප්‍රස් පර්ල් සිදුවීම සම්බන්ධයෙන් විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් සිංගප්පූරු මහාධිකරණය හමුවේ හිමිකම් පෑමේ ඉල්ලීමක් ගොනු කර ඇතැයි ද ඒ සම්බන්ධ නඩු විභාග සම්මන්ත්‍රණයක් මැයි 15 වන දින සිදු වූ අතර මීළඟ කැඳවීම ජුනි 01 වනදා සිදු කිරීමට නියමිත බව ජනාධිපති කාර්යාලය පවසයි. 17 May 2023
ණය ප්‍රතිව්‍යුහගත කරන්න චීන සහාය මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ චීනය ක්‍රියාකාරී සංවාදයක යෙදී සිටින බව චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර ඇත. 17 May 2023
බාප්පාගේ යකඩ පොලු පහරින් දරුවෙක් මරුට මවගේ දෙවන සැමියා බව කියන පුද්ගලයකු එල්ල කළ යකඩ පොලු පහරකින් 17 හැවිරිදි බාල වයස්කරුවකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව පොලිසිය පවසයි . 17 May 2023
මහඉලුප්පල්ලම අනතුරේ මෝටර් රථය පැහැරගත් එකක් අනුරාධපුර, මහඉලුප්පල්ලම ප්‍රදේශයේදී 15 හැවිරිදි සිසුවකු අනතුරට ලක් වූ මෝටර් රථය පැහැර ගත් රථයක් බවට තහවුරු වී ඇතැයි ඉපලෝගම පොලීසිය පවසයි. 17 May 2023
මහින්දගේ විදෙස් ගමන් තහනම සම්පූර්ණයෙන්ම ඉවතට ගාලුමුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවැති සාමකාමී විරෝධතා ව්‍යාපාරවල සිටි පිරිසට පහරදී අලාභ හානි සිදුකළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයට අදාළව විදෙස් ගමන් තහනම් කර සිටි හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සිව් දෙනකුගේ එම තහනම සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (17) නියෝග කළේය. 17 May 2023
හර්ෂණට සහ මුජුබර්ට සජබෙන් නව තනතුරු සමගි ජන බලවේගය නියෝජ්‍ය මහලේකම් ධුරය සඳහා කොළඹ පුරපති අපේක්ෂක මුජිබුර් රහුමාන් සහ නියෝජ්‍ය භාණ්ඩාගාරික ලෙස ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා යන මහත්වරුන් පත්කර තිබේ. 17 May 2023
ශ්‍රී ලංකා රග්බි සේවකයන් භය කරන්න එපා ශ්‍රී ලංකා රග්බි ආයතනයේ සේවය කරන ස්ථිර සේවයන් දුරකථනය හරහා බයගැන්වීම නොකරන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා පත් කළ රග්බි ස්ථායීකරණ කමිටුවට ශ්‍රී ලංකා රග්බි විධායක අධ්යක්ෂ හසන් සිංහවංශ මහතා දැනුම් දී තිබේ. 17 May 2023
හැරිසන් හඬ පට එළියට දාන්න සැරසෙයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තම බිරියට සහ සහෝදරයාට කතා කොට තමාට පක්ෂයෙන් යන්න දෙන්න එපා යැයි කන්නලව් කළ හඬ පට විපක්ෂ නායකවරයා කැමති නම් එළියට දැමීමට සූදානම් බව සමගි ජන බලවේගයේ හිටපු උප සභාපති පී. හැරිසන් මහතා මාධ්‍ය හමුවකදී පැවසීය. 17 May 2023
උතුරට නූල් කම්හල් පහක් එරාවුර් නගරයේ නූල් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලා පහක් ස්ථාපිත කිරීමට නියමිත අතර එමගින් නව රැකියා අවස්ථා 20000 ක් ඇතිවන බව ඒකාබද්ධ ඇඟලුම් සංසදයේ ප්‍රධාන ලේකම් යොහාන් ලෝරන්ස් මහතා පැවසීය. 17 May 2023
හමුදා සෙබළියෝ විරෝධතාවක කොකාවිල් සිට වව්නියාව මැදවච්චියට ලබා දී ඇති ස්ථාන මාරුවකට එරෙහිව කිලිනොච්චි කොකාවිල් 4 වන කාන්තා බලකායට අයත් සෙබළියන් පිරිසක් සහ ඔවුන්ගේ ඥාතීන් කඳවුර අසල මාර්ගයේ සිට ඊයේ (16) සිට විරෝධතාවක් ආරම්භ කර ඇත. 17 May 2023
දොඩම්පහල මහ නා හිමිගේ ආදාහන පූජෝත්සවය ඉරිදා දොඩම්පහල චන්දසිරි අමරපුර මහා නිකායේ උත්තරීතර මහ නායක ස්වාමීන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරස්රයේදී ලබන 21 වැනිදා ඉරිදා පැවැත්වේ. 17 May 2023
දැන ගියොත් පාස්පෝට් නොදැන ගියොත් පූස්පාට් දිනයක් සහ වේලාවක් වෙන්කරගැනීමෙන් තොරව විදේශ ගමන්බලපත්‍රය ලබාගැනීම සඳහා බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය පැමිණීමෙන් ජනතාවට දින කීපයක් එහි පෝලිමක රැදී සිටීමෙන් එම පරිශ්‍රයෙන් පිටත අද (17) පස්වරුව වන විට තබදබදයක් නිර්මාණය වී තිබුණි. 17 May 2023
කුරුඳු සොරා වහලෙන් වැටෙයි සොරකමක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනිමට ගිය සැකකරු නිවසේ වහලට නැග බිමට පැන පලා යාමට උත්සාහ කළ අවස්ථාවේ වහලෙන් බිමට වැටි තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත්කළ බව ඉමදුව පොලිසිය පවසයි. 17 May 2023
තෙල් ඉල්ලා තග දැමූ දොස්තර ගුටිකා රෝහලේ කිව් ආර් කේතයට ඉන්ධන ලබාගැනීමට යාමේදී වෛද්‍යවරයෙකුට පහරදුන් පොම්ප කරුවෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි . 17 May 2023
කොන්දොස්තර හොරකමේ ගිහින් මාට්ටු ත්‍රීරෝද රථයක යමින් කොළඹ අවට සුපිරි වෙළඳසැල්වල විදුලි ජනන යන්ත්‍රය වල සවිකර තිබූ බැටරි සොරා ගැනීමට පුරුදුව සිටි පෞද්ගලික බස්රථ කොන්දොස්තරවරයකු අද (17) දා අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි . 17 May 2023
පාසල් ගිය දරුවාගේ සපත්තුවක් ගලවාගෙන දුවලා උදෑසන පාසල් යමින් සිටි දොළොස් හැවිරිදි සිසුවාගේ සපත්තුවක් පා පැදියක නැගී පැමිණි නාඳුනන පුද්ගලයෙකු බලහත්කාරයෙන් ගලවාගෙන ගොස් ඇතැයි අඟුරුවාතොට පොලිසිය පවසයි. 17 May 2023
මහ ලේකම්ට තුති පුදන්න විවාදයක් ලබන 22 වැනිදා විශ්‍රාම යෑමට නියමිත පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතාගේ සේවය අගය කිරීමේ විවාදයක් පාර්ලිමේන්තුවේදී ලබන 25 වැනිදා පැවැත්වීමට නියමිතය. 17 May 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026