(මොහොමඩ් ආසික්)

මධ්‍යම කඳුකරයට පවතින අධික වර්ෂාව හේතුවෙන් අකුරණ දොඩංගොල්ල ප්‍රදේශයේ නිවසක ගල් බැම්මක් සමඟ පස් කණ්ඩියක් කඩා වැටීම නිසා ව්‍යාපාරිකයකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.

අකුරණ නගරය ජලයෙන් යටව තිබීම නිසා විකල්ප මාර්ගයක් ඔස්සේ සිය නිවස බලා ගමන් කරමින් සිටියදී මෙම බැම්ම රාත්‍රි කාලයේ කඩා වැටී ඇති අතර එයට යටවී මොහු බරපතල තුවාල ලබා තිබේ. 

ප්‍රදේශවාසීන් එක්ව බැම්මේ සුන් බුන් ඉවත් කර තුවාල කරු අකුරණ රෝහල වෙත රැගෙන ගියද ඒ වන විටත් ඔහු මිය ගොස් තිබේ.

දැනට ඔහුගේ මෘත ශරීරය මහනුවර ජාතික රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද 09 වනදා පැවැත්වීමට නියමිතව තිබිණ.

මෙලෙස මිය ගොස් ඇත්තේ අකුරණ ප්‍රදේයේම පදිංචි ව්‍යාපාරිකයෙකි.