IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


හල්දුම්මුලේලේ කැලිපාණාවල ගම නොපෙනී යයි

(සමන් පාලිත නානායක්කාර)

හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කැලිපාණාවල අස්වැද්දුම කන්ද අද  විශාල ප්‍රදේශයක් නාය ගිය බවත් එහි පදිංචිව සිටි අය ඉවත් කරගෙන තිබූ බැවින් පවුල් විසිපහක පුද්ගලයන් අනූ හත් දෙනකුගේ ජීවිත බේරාගත් බවත් හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් ඒ. කේ. ජේ . ප්‍රියංගිකා මහත්මිය පැවසුවාය.

නාය යාමේ මූලික ලක්ෂණ පහළ වීමත් සමඟ  පදිංචි ස්ථානවලින් පවුල් විසි පහක් විගසින් ඉවත් කරගත් බවත් උදෑසන එම නිවාසවල තිබූ බඩුමුට්ටු ද ඉවත් කරගෙන තිබුණු බවත් ප්‍රාදේශීය ලේකම් ප්‍රියංගිකා මහත්මිය කීවාය.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය එම ස්ථානයේ  කළ භූමි පරික්ෂාවකින් පසුව අධි අවධානම් කලාපයක් ලෙස නම් කළේය.

මෙම නාය යාමට අක්කර තිහක පමණ ප්‍රදේශයක් ගොදුරු වී ඇති බවත් කුඹුරු යායක්ද නායට යටවී ඇති බවත් ප්‍රදේශවාසීහු පවසති.

පැවති අධික වර්ෂාව සමග නාය යාම සිදු වී තිබේ.

මේ වන විට නිවාස හයක් නොපෙනී ගොස් ඇති බවත් අනික් නිවාස ගොදුරු කරගනිමින් සුන් බුන් සමග නාය පහළට තව දුරටත් ගලමින් තිබෙන බවත් ප්‍රදේශ වාසීහු පවසති.



අදහස් (7)

හල්දුම්මුලේලේ කැලිපාණාවල ගම නොපෙනී යයි

duminda Sunday, 10 December 2023 08:50 AM

කඳුකර ප්‍රෙද්ශවල ඉන්න ජනතාවගේ ක්‍රියාකාරකම් මේ ණයවලට බලපානවා. මේ වගේ සිදුවීම් ගැන දැනුවත් කරලා ඔය ප්‍රෙද්ශවල ඉන්න අයගෙන් පරිසරයට වෙන හානිය වළකා ගන්න ඉක්මන් වැඩ පිළිවෙළක් අවශ්‍යයි.

:       3       44

ABSunday, 10 December 2023 08:33 PM

පසුගිය දශකය තුළ ලංකාවේ කඳු නායයාමට ප්‍රධානතම හේතුවක් වූයේ උමං මාර්ග තැනීම සඳහා කරන්නා වූ කැණීම්වලදී සිදු කරන්නාවූ පිපිරුම්, සිදුරු විදීම, සහ ඒවාට පුපුරණ ද්‍රව්‍ය පැටවීම. පිපිරීම පුපුරුවා හැරීම මගින් ඇතිවන්නා වූ පොලවේ දෙදරීම ප්‍රධාන හේතුන් වේ. සංවර්දනය අවශ්‍ය වුවද සංවර්ධන කටයුතු කිරීමේදී සිදුවන හානියේ බලපෑම මතුවන්නේ කාලයකට පසුව වේ. ඉදිරියේදී කඳුකර ප්‍රදේශයේ කැණීම් කටයුතු කරන්නේද යන්න පිළිබඳව තීරණ ගැනීම කාලගුණ වෙනස්වීම් පිළිබඳව තීරණ ගැනීම සමග සම්බන්ධ විය යුතුම වේ...!

:       3       6

රංබොඩ Sunday, 10 December 2023 09:33 AM

විද්‍යානුකූලව තහවුරු කරගෙන ජීවිත රැසක් බේරාගත් සැමට රටේම ස්තුතිය පුදකළ යුතුයි.

:       2       85

Rasika Sunday, 10 December 2023 10:11 AM

නොපමාව ක්‍රියාකරමින් ජීවිත රැසක්බේරාගත් නිලධාරීන්ට අපගේ ප්‍රණාමය! මෙවැනි විශිෂ්ඨ ක්‍රියාවක් සිදුවූයේ ප්‍රථම වතාවට නේද? මීට පෙර අසන්නට සිදුවූයේ ජීවිත නැතිවීම් විතරයි...

:       0       87

Chandana Dissanayake Sunday, 10 December 2023 06:43 PM

ජීවිත රැසක් බේරාගත් සැමට රටේම ස්තුතිය පුදකළ යුතුයි...

:       0       38

G K Dissanayaka Tuesday, 12 December 2023 08:58 PM

නියමයි ප්‍රියන්ගිකා...!

:       0       5

G. K. Ekanayake Thursday, 14 December 2023 11:15 PM

ප්‍රියංගිකා මහත්මියට ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් තනතුර දෙන්න වටිනවා...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 153 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 953 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site