(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා සහ ලලිත් චාමින්ද)

ගාල්ල කරාපිටිය ප්‍රදේශයේ ඉදිකරමින් තිබෙන සිව් මහල් ගොඩනැගිල්ලක පසුපස කොටසේ පැති බැම්මක් සඳහා කම්බි බඳිමින් සිටි පිරිසක් මතට යාබදව තිබූ පස් කන්දක් කඩා වැටීමෙන් එක් අයකු මියගොස් තිදෙනකු තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කල බව පොලීසිය කියයි.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ ඉමදුව,ඉහළ වල්පොල,මීගොඩ වත්තේ පදිංචිව සිටි පී.ජී.ප්‍රසංග සංජීව නැමැති තිස්පස් හැවිරිදි පුද්ගලයෙකි.

තුවාල ලැබූ අනෙක් තිදෙනාද ඉමදුව ප්‍රදේශයේම පදිංචි කරුවෝ වෙති.

මෙම අනතුර සැලවූ වහාම පොලීසිය, ගාල්ල ආපදා කළමනාකරණ ඒකකයේ කංඩායමක්, ගිනි නිවන හමුදාව,හා ප්‍රදේශවාසින් එක්ව සිද්ධිය වූ ස්ථානයට පැමින දැඩි පරිශ්‍රමයක් දරා පස් කන්දට යටව සිටි දෙදෙනෙක් බේරා ගැනීමට කටයුත කළේය.