(ටී.කේ.ජී.කපිල )
කටුනායක ගුවන් තොටුපොළ අතපසු වී ගිය ගමන් මලු අතර තිබී රුපියල් කෝටි 10 ක් වටිනා " කුෂ් " නැමැති ගංජා තොගයක් ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (08) දින පස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබේ .
මෙම මත්ද්‍රව්‍ය තොගය කැනඩාවේ සිට ඩුබායි වෙත රැගෙන විත් , එතැන් සිට ඉකුත් 11/14 දින පස්වරු 02.40 ට ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත ගෙනැවිත් තිබේ .
මේ පිළිබඳ තොරතුරු බස්නාහිර පළාත් බුද්ධි තොරතුරු ඒකකයේ නිලධාරීන් හට වාර්තා වී තිබූ අතර , කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ සේවයේ නිරත පොලිස් නිල සුනකයන් ද සහභාගී කර ගෙන මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
මෙම ගමන් මලු තුළ "කුෂ් " ගංජා කිලෝ ග්‍රෑම් 19 යි ග්‍රෑම් 588 ක් තිබූ බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ ප්‍රකාශකවරයෙකු පැවසීය.
අත්අඩංගුවට ගැනීමෙන් පසුව ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් ද පැමිණ නිරීක්ෂණ කටයුතු සිදු කර තිබේ .
මෙම " කුෂ්" ගංජා තොගය පිළිබඳ කිසිවෙකු මේ වනවිට අත් අඩංගුවට ගෙන නොමැති අතර , කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නිලධාරීන් කියන අය මොන බොරුවක්ද කරන්නේ රටට.ගෙනාපු ජාවාරම් කාර්ය ගෙදරට යන්න කලින් හොදටම අදුරගන්න පුළුවන් කව්ද ගෙනාවේ කියල කැනඩාවේ ඉදන් ආවනම් බැග් එකේ ගහන බර්කොඩ් එකෙන් ඒක කාගේද මොන පාස්පෝට් එකේද කියල හොදටම අදුන ගන්න පුළුවන් .අනිවාර්යෙන් ඕක අල්ලනවා කියල නිව්ස් එක ගිහින් ඇති