
(ටී.කේ.ජී.කපිල)
අබුඩාබි සිට කටුනායක දක්වා අඩු වියදම් නව ගුවන් සේවයක් ආරම්භ කරමින් , මංගල ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
ගුවන් මගීන් 158 දෙනකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 08 දෙනකුගෙන් සමන්විත එයාර් ඇරේබියා ගුවන් සේවයේ 3 එල් - 197 දරන ගුවන් යානය 1අබුඩාබි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
මෙම ගුවන් යානා සතියේ සෑම බදාදා , සිකුරාදා සහ ඉරිදා යන දින වල රාත්‍රී 08.00 ට පැමිණෙන අතර , එම ගුවන් යානා යළිත් රාත්‍රී 08.30 ට කටුනායක ගුවන් තොටුපොළෙන් අබුඩාබි බලා පිටත්ව යාමට නියමිතය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටික කාලයකින් නවතීද? යන්න එන්න දෙකටම මිළ කීයද? ඩිරාම් බර කිලෝ කීයක් රැගෙන යාහැකිද?
හරි... !