(ප්‍රසාද් රුක්මල් ) 

බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර 6 කණුව ප්‍රදේශයේ මාර්ගය අද (8)  පස්වරුවේ නාය යාමට ලක්වීමෙන් උඩුවර 6 කනුව ප්‍රදේශයේ මාර්ගයේ රථ වාහන ධාවනය එක් මංතීරුවකට සීමා කළ බව බව හාලිඇල පොලිසිය පවසයි .

පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙසේ  උඩුවර 6 කනුව ප්‍රදේශයේ දී  ප්‍රධාන  මාර්ගය අසල කොටසක්   විදුලි කනු   විශාල ගසක් සමඟ  බදුලු ඔයට කඩා ගෙනගොස්  නාය යාමට ලක්විය .

එම නාය යාමට ලක්වූ ස්ථානයේ බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ කොටසක ඉරිතලා පුපුරා ගොස් ඇති අතර , ඒ අසල  නාය ගිය ස්ථානයේ  නාය යාම වර්ෂාවත් සමඟ තවත් සක්‍රීය වීමේ අවධානමක් තිබෙන බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේය .

විශේෂයෙන්  වර්ෂාවත් සමඟ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මේ අවධානමක් ද පවතින හෙයින් රථ වාහන පැදවීමේදී විමසිලිමත්ව දැඩි ආරක්ෂිත ව කල්පනාකාරීව රියපදවන ලෙසට පොලිසිය රථ වාහන රියදුරන් ට දැනුම් දෙයි .

විදුලි කණු කඩා ගෙන යාම නිසාවෙන් උඩුවර  ප්‍රදේශයේ  ගම්මාන රැසක විදුලි බලය ඇනහිට තිබේ .