(කේ. බුද්ධික කුමාරසිරි)
මාස තුනක විදුලි බිල්පතක් ගෙවීමට නොහැකිවීම නිසාවෙන් ගිලන් වූ භික්ෂූන් 68 දෙනෙකු වැඩ වාසය කරන හංවැල්ල කලුඅග්ගල ගිරා ඉඹුල ප්‍රදේශයේ පිහිටි මාපිය අමිලසිරි ගිලන් භික්ෂු මධ්‍යස්ථානයෙහි විසන්ධි කර තිබූ විදුලි සම්බන්ධතාවය නැවත අද (08) යළි ලබා දීමට විදුලි බල මණ්ඩලය කටයුතු කළ බව එම මධ්‍යස්ථානයේ අනුශාසක මෝදරවානේ අමිලසිරි හිමියෝ පැවසූහ.
අදාල ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ විදුලි විසන්ධි කිරීම නිසාවෙන් ඇතිවූ අපහසුතා පිළිබදව අද (08) දින ලංකාදීප පුවත්පතේ පල වීමෙන් පසු ජනාධිපති කාර්යාලයේ මැදිහත් වීමෙන් යළි විදුලි සම්බන්ධතාවය ලැබුණු බවද උන් වහන්සේ පැවසූහ.
තවද දිවයිනේ විවිධ ප්‍රදේශවල පරිත්‍යාගශීලින් බොහෝ දෙනෙකු ද තමන්ට දුරකතන ඇමතුම් ලබා දී විදුලි බිල්පත ගෙවා දැමීමට කටයුතු කළ බවත් මේ වන විට හිග තිබූ විදුලි බිල මෙන් දෙගුණයකටත් වැඩි මුදලක් විදුලි බල මණ්ඩලය වෙත මුදල් ගෙවා ඇති බවද උන් වහන්සේ පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිළධාරීන් කොටසක් මහත් අකුසල රැසක් ගොඩගහ ගත්ත අතර ලංකාදීපය බොහෝ කුසල් රැස් කරගන්නා ලදි.
විදුලිය සම්බන්දව පමණක් නොව මෙවැනි ආයතන ( ගිලන් වූ භික්ෂූන් 68 දෙනෙකු වැඩ වාසය කරන )පවත්වාගෙන යාම පිලිබදව කිසිදු රජයක් හෝ බුද්ද සාසන ඇමතිවරයකු හෝ එම අමාත්‍යාංශයක් හෝ මෙතෙක් සොයා නොබැලු භික්ෂුන් මුහුණ දෙන්නාවූ ගැටළු පිලිබදව ගිහි පැවිදි සියලු දෙනාගේ අවධානය යොමුකර පුළුල් වැඩසටහනක් දියත්කල යුතුව ඇත. පාර්ලිමේන්තුවේ සිටිනා 225 දෙනාගෙන් කිසිවකු හෝ මේ පිලිබදව කිසිදු ප්‍රකාශයක් නොමැතිව සහ පිරිත් නුල් සියයක් පමණ දවටා ගෙන සිටිනා බවුද්ද ඇමතිවරුන්ද සිටිනවු පාර්ලිමේන්තුවේ සමාජ ගැටළු මගහරිමින් දේශපාලකයන්ගේ පුද්ගලික ගැටළු සදහා මුලිකත්වය ලබාදී කතා කිරීමට පමණක් සිදුවන පාර්ලිමේන්තුවේ සිදුවන අනවශ්‍ය වාද විවාද සියලු ශ්‍රී ලාංකිකයන් සහ භික්ෂුන් තරයේ හෙළාදකිය යුතු වේ
හොඳ මිනිසුන් මේක කළේ ජනාධිපති කාර්යාලය නෙවෙයි..................... මතක තියාගන්න ජනාධිපති කාර්යාලය නෙවෙයි. බිල්පත ගෙවා විදුලිය සම්බන්ධ කර ඇත. රට පාර්ලිමේන්තුවේ සහ ජනාධිපති කාර්යාලයේ සහ ඉහළ රැකියාවක සිටින බොහෝ සතුන් වෙත ගොස් ඇත.... කිසිම මනුෂ්‍යත්වයක්....මීට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැක..රටේ සිටින ජනතාව මෙම ව්‍යාපාරය ආරක්ෂා කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි අනාගතය
එම උතුම් සත්ක්‍රියාවට දායක වූ ලංකාදීප මාධ්‍ය ආයතනයට හදපිරි ස්තූතිය.
ආගමට, දහමට මේ රජය කිසිම තැකීමක් කරන්නේ නෑ. මුදල්,... මුදල්... පස්සෙම යනවා.හැමදේම මුදල් නෙමෙයි. මේ රටේ ජනතාව විශේෂයෙන් තරුණ ප්‍රජාව දැන් අන්ත අසරණ වෙලා. රැකියාවක්, අදායමක් හොයාගන්න බැරුව. විවිධ අපරාධ වලට ඒ අය නිකන්ම පෙළම්බෙනවා මේ ආර්ථික තත්වය හමුවේ. පොඩි දරුවෝ පවා හොරකම් කරනවා, කුඩු බොනවා. මේවා ගැන කිසිම හැඟීමක් නෑ කිසිම පාලකයෙකුට, නිලධාරියෙකුට. කාටද මේවා කියන්නේ. අලුත් පොලිස්පතිවත් මේවට අවධානය යොමුවෙයි කියලා පොඩ් බලාපොරොත්තු වක් තියෙනවා. එයසත් කැපිපෙනෙනෙන දේවල් විතරක් කරයි ද කියන්න බෑ. රටට, ආගමට, දහමට, ජනතාවට ආදරයක් ඇති රජයක් තමයි රටේ ගෞරවනීය ජනතාවගේ බලාපොරොත්තුව හිඟාකන පිළිවෙතින් දුරස් උන... තෙරුවන් සරණයි සැමට.
දායකයෝ, මිනිස්සු හිඟ බිල් ගෙවනවා, ජනධිපති ලේකම්ලා එකෙනුත් ලකුණු දාල ගොඅ යනවා. අනනුන්ගේ පානෙන් එලිය ලැබීම
එහෙම විශේෂත්වයක් දක්වන්න ඕනෑ කමක් නෑනේ. අනිත් මිනිස්සු වගේ තමන් පාවිච්චි කරන විදුලියට අදාල බිල ගෙවන්න දැන ගන්න ඕනේ. ගෙවල්වලත් පොඩි දරුවන් රෝගීන් ඉද්දී විදුලිය විසන්ධි කරලා යනවා...
දේශපාලුවෝ මොනතරම් කුලල් කා ගත්තත් මිනිස්සු ළඟ තාම අමනුස්සකම් තියෙනවා. ඒකයි අපේ රටේ මිනිස්සුන්ගේ වෙනස. ලංකාදීප පුවත්පතට අපේ ස්තුතිය...!