(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහීක වීරරත්න)

මිහින්තලා රජමහා විහාරයේ හමුදා ඇඳුමෙන් සැකකටයුතු දෙදෙනකු සිට ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද ඉල්ලීමක් කළේය.

මේ අය  වලවාහැංගුණවැවේ ධම්මරතන මිහින්තලේ නායක ස්වාමීන් වහන්සේට හානියක් කිරීමට පැමිණි දෙදෙනෙකුදැයි සැකයක් මතුව ඇති බව ඔහු සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සභා නායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේ ඒ පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශයට දැනුම් දීමට කටයුතු කරන බවයි.