IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කොළඹ - බදුල්ල මාර්ගය උඩුවරින් වහයි

(සමන් පාලිත නානායක්කාර සහ ප්‍රසාද් රුක්මල්)

කොළඹ බදුල්ල මාර්ගයේ නාය ගිය උඩුවර පහේ කණුව ස්ථානයෙන් අද (10) පස්වරු හයෙන් පසු නැවත දැනුම් දින තුරු බර වාහන ධාවනය සම්පූර්ණයෙන් නතර කිරීමට පියවර ගත් බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඊ එම් එල් උදය කුමාර මහතා පැවසීය.

විකල්ප මාර්ගය ලෙස බණ්ඩාරවෙල ඇටම්පිටිය හරහා හාලිඇළට ගොස් ඒ ඔස්සේ බදුල්ල දක්වා ගමන් කිරීමට නම් කර ඇති බවද ඒ මග ඔස්සේ කිලෝමීටර් තුනක් අමතරව ගමන් කිරීමට සිදුවන බවද බදුල්ල ආපදා කළමනාකරන මධ්‍යස්ථානය රියදුරන්ට දැනුම් දෙයි.

සැහැල්ලු වහන ධාවනය එක් මන් තීරුවකට සීමා වී තිබේ.

යම් හෙයකින් උඩුවර නාය ගිය තැනින් මාර්ග තලයට දරාගත නොහැකි බරකින් යුත් වහන ධාවනය වුවහොත් මාර්ගයටත් රථ වාහනවලටත් අවදානමත් ඇතිවිය හැකි බව ආපදා අංශ නිරීක්ෂණය කර තිබේ.

සැහැල්ලු වාහන සඳහා ගමන් කිරීමේ දී තනි පෙළට ගමන් කළ යුතු බවද පොලිසිය මැදිහත්ව වහන හැසිරවීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවද හාලිඇල පොලිසිය පැවසීය.

 



අදහස් (0)

කොළඹ - බදුල්ල මාර්ගය උඩුවරින් වහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 127 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site