
(සුජිත් හේවාජුලිගේ )
රටේ මෙවැනිම ආකාරයේ විදුලි බිඳවැටීම් තුනක් මෙයට පෙර වර්ෂ තුනකදීද සිදුව ඇතත් ඒ සෑම අවස්ථාවකදීම මෙවැනි බිඳවැටීම් වැළැක්වීමට මහජන උපයෝගීතා කොමිසම ඇතුළු ආයතන දුන් නිර්දේශ මේ දක්වා ක්‍රියාත්මකවී ඇතැයි විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කළේය.
එම නිර්දේශ ක්‍රියාත්මක වූයේ නම් රට පුරා විදුලි බිඳවැටීමක් සිදු නොවනු ඇති බව විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ වෘත්තිය සමිති පවසයි.
මෙවැනිම ආකාරයේ විදුලි බිඳ වැටීමක් මුල් වරට 2016 මාර්තු මාසයේදී සිදුව ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.
මේ අතර 2020 අගෝස්තු 17 වැනිදා කෙරවලපිටියේ සම්ප්‍රේෂණ පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් පැය හයකට අධික කාලයක් රටටම විදුලි විසන්ධි වූ බව පවසන එම ආරංචි මාර්ග 2021 දෙසැම්බර් මස 3 වැනිදා කොත්මලේ සහ බියගම විදුලි පද්ධතියේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් විදුලිය සැපයුම බිඳ වැටුණු බව සඳහන් කළේය.
රට පුරා ඊයේ සිදු වූ විදුලි බිඳවැටීමට හේතුව කොත්මලේ සිට බියගම දක්වා කොත්මලියේ දෙසට වන්නට අකුණු සැරක් වැදීමක් බව දැනට පවතින දත්ත අනුව පෙනීයන්නේ යැයි විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගෙ අතින් සිදුවන යමක් ගැන අවධානයක් ගැනීමක් කිසිවෙකු ඉදිරිපත් වෙන්නෙ නැහැ මොකද ඒක සිදුවුණේ කොහොමද කියලා එය සිදුකල අය හොදින්ම දන්න නිසා .මෙයට පෙර එහෙම වුනා නම් ඒක ගැන නොසලකා හිටපු අයගේ ක්‍රියාවක් නොවෙයි කියන්න අමාරුයි ඕනෑ කමින්ම කල දෙයක් නිසා තමයි ඉහලින් ලැබුණු නිර්දේශ ක්‍රියාත්මක නොවෙන්න ඇත්තේ .
පටන්ගත්තෙ 2016. රහවැටුනා කොමිස් එක. රටට හෙනගැහැව්වත් මට මොකෝ. මුංගේ මඩිය තරවෙනවානම් නේද. ඔන්න ඔහොමයිලු ගිජු ලිහිනියො හිතුවෙ.
මණ්ඩලය වහාම පුද්ගලීකරණය කරන්න.
රජයක් නැති රටක් නිසා මේවා ප්‍රශ්න නෙවෙයි
විදුලිබල මණ්ඩලේ උඩ පුටුවල ඉන්නේ ඔලුවෙ අං ආපු සෙට් එකක්.. උන් ඔක්කොම එලෝලා වගකීමක් තියෙන සෙට් එකක් පත් කරන්න ඕනේ.
මොනව උනත් වෙලාවට පඩිය බොනස් එහෙම ලබෙනවනෙ ඉතින්
ජනක රත්නායක ලොක්කා ජනපති තරගයට එනවලු නෙව. මේ සිද්දිය ආං ඒකට කසකාරයෙක් බොලව්. මං නැතිව විදුලි බල මණ්ඩලේ කොරන්ට බෑ කියලා අඟවන්ට වලි කනවා. මං කීව දේ නෑහුව හන්දා ඕං වෙච්චි දේ කියනවා. අච්චරක් පාඩුයි කියනවා. කොටි නැගිට්ටවගෙන කලින් ගොයියෙක් ඇවිත් හොඳටම කොරලා ගිය හැටි මතක නෙවෙද? ආං ඒ "මං නැතිව බෑ" සූත්තරේම මුන්නැහැත් පාවිච්චි කොරන්ටයි යන්නෙ ඕං.
සිද්ද වෙන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බිඳ වැටීමක් නම් මණ්ඩලය වග කිවයුතුද? අකුණු ගසානම් පද්ධතියට හානි වුනේ මණ්ඩලය වගකිව යුතුද? බිඳවැටීම නිසා වැඩි විදුලි ප්‍රමාණයක් නොරොච්චෝලේන් ගන්න ගිය නිසා එයත් අක්‍රිය වුණා. ගෙදරක වුණත් උපකරණයකට වැඩි විදුලියක් ගන්න ගියොත් ට්‍රිප් ඔෆ් වෙනවා. මණ්ඩලේ ඉංජිනේරුවරු දෙපැත්තෙන් හිනාවෙනවා ඇති මෙහෙව් අමනයෝද මේ රටේ ඉන්නේ කියලා.