(සුජිත් හේවාජුලිගේ )
රටේ මෙවැනිම ආකාරයේ විදුලි බිඳවැටීම් තුනක් මෙයට පෙර වර්ෂ තුනකදීද සිදුව ඇතත් ඒ සෑම අවස්ථාවකදීම මෙවැනි බිඳවැටීම් වැළැක්වීමට මහජන උපයෝගීතා කොමිසම ඇතුළු ආයතන දුන් නිර්දේශ මේ දක්වා ක්‍රියාත්මකවී ඇතැයි විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කළේය.
එම නිර්දේශ ක්‍රියාත්මක වූයේ නම් රට පුරා විදුලි බිඳවැටීමක් සිදු නොවනු ඇති බව විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ වෘත්තිය සමිති පවසයි.
මෙවැනිම ආකාරයේ විදුලි බිඳ වැටීමක් මුල් වරට 2016 මාර්තු මාසයේදී සිදුව ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.
මේ අතර 2020 අගෝස්තු 17 වැනිදා කෙරවලපිටියේ සම්ප්‍රේෂණ පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් පැය හයකට අධික කාලයක් රටටම විදුලි විසන්ධි වූ බව පවසන එම ආරංචි මාර්ග 2021 දෙසැම්බර් මස 3 වැනිදා කොත්මලේ සහ බියගම විදුලි පද්ධතියේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් විදුලිය සැපයුම බිඳ වැටුණු බව සඳහන් කළේය.
රට පුරා ඊයේ සිදු වූ විදුලි බිඳවැටීමට හේතුව කොත්මලේ සිට බියගම දක්වා කොත්මලියේ දෙසට වන්නට අකුණු සැරක් වැදීමක් බව දැනට පවතින දත්ත අනුව පෙනීයන්නේ යැයි විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා ප්‍රකාශ කළේය.
ජනමාධ්‍ය, පරිසර සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල තනතුරු සඳහා සිය ඥාතීන්, හිතවතුන් සහ දේශපාලන ආධාරකරුවන් පත්කරගෙන ඔවුන් සේවයේ යොදවා නොගෙන
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් පසු හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප් වහන්සේ තෝරාගැනීම සඳහා වකිතානයේ දී මේ වනවිට ආරම්භ වී ඇත. මෙම
වීරකැටිය රන්න ප්‍රධාන මාර්ගයේ ගුරු ගොඩල්ල ප්‍රදේශයේදී යතුරු පැදියක් හා ලොරි රථයක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ දෙදෙනෙකු මිය ගොස් ඇතැයි වීරකැටිය පොල
පාර්ලිමේන්තුව හෙට (8) සහ අනිද්දා (9) රැස්වීමට නියමිතය.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.
විපක්ෂයේ සියලු කණ්ඩායම් හා එක්ව කොළඹ මහනගර සභාව සඳහා සමගි ජන බලවේගයෙන් නගරාධිපතිවරයකු පත්කර ගන්නා බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
තුන් වතාවක් රටම අඳුරු වුණත් මණ්ඩලේ කරබාගෙන ඉඳලා
මරිසිපාල Monday, 11 December 2023 07:25 AM
තමන්ගෙ අතින් සිදුවන යමක් ගැන අවධානයක් ගැනීමක් කිසිවෙකු ඉදිරිපත් වෙන්නෙ නැහැ මොකද ඒක සිදුවුණේ කොහොමද කියලා එය සිදුකල අය හොදින්ම දන්න නිසා .මෙයට පෙර එහෙම වුනා නම් ඒක ගැන නොසලකා හිටපු අයගේ ක්‍රියාවක් නොවෙයි කියන්න අමාරුයි ඕනෑ කමින්ම කල දෙයක් නිසා තමයි ඉහලින් ලැබුණු නිර්දේශ ක්‍රියාත්මක නොවෙන්න ඇත්තේ .
ravin Monday, 11 December 2023 10:10 AM
පටන්ගත්තෙ 2016. රහවැටුනා කොමිස් එක. රටට හෙනගැහැව්වත් මට මොකෝ. මුංගේ මඩිය තරවෙනවානම් නේද. ඔන්න ඔහොමයිලු ගිජු ලිහිනියො හිතුවෙ.
Nishan Monday, 11 December 2023 11:06 AM
මණ්ඩලය වහාම පුද්ගලීකරණය කරන්න.
රංබොඩ Monday, 11 December 2023 11:13 AM
රජයක් නැති රටක් නිසා මේවා ප්‍රශ්න නෙවෙයි
Saman Monday, 11 December 2023 11:14 AM
විදුලිබල මණ්ඩලේ උඩ පුටුවල ඉන්නේ ඔලුවෙ අං ආපු සෙට් එකක්.. උන් ඔක්කොම එලෝලා වගකීමක් තියෙන සෙට් එකක් පත් කරන්න ඕනේ.
Prabha Monday, 11 December 2023 02:58 PM
මොනව උනත් වෙලාවට පඩිය බොනස් එහෙම ලබෙනවනෙ ඉතින්
කැවුතු ආච්චි Monday, 11 December 2023 03:50 PM
ජනක රත්නායක ලොක්කා ජනපති තරගයට එනවලු නෙව. මේ සිද්දිය ආං ඒකට කසකාරයෙක් බොලව්. මං නැතිව විදුලි බල මණ්ඩලේ කොරන්ට බෑ කියලා අඟවන්ට වලි කනවා. මං කීව දේ නෑහුව හන්දා ඕං වෙච්චි දේ කියනවා. අච්චරක් පාඩුයි කියනවා. කොටි නැගිට්ටවගෙන කලින් ගොයියෙක් ඇවිත් හොඳටම කොරලා ගිය හැටි මතක නෙවෙද? ආං ඒ "මං නැතිව බෑ" සූත්තරේම මුන්නැහැත් පාවිච්චි කොරන්ටයි යන්නෙ ඕං.
Dinesh Monday, 11 December 2023 07:28 PM
2016 දී ජනක ලොක්කාද සභාපති... ?
Bamunuarachchi Monday, 11 December 2023 06:17 PM
සිද්ද වෙන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බිඳ වැටීමක් නම් මණ්ඩලය වග කිවයුතුද? අකුණු ගසානම් පද්ධතියට හානි වුනේ මණ්ඩලය වගකිව යුතුද? බිඳවැටීම නිසා වැඩි විදුලි ප්‍රමාණයක් නොරොච්චෝලේන් ගන්න ගිය නිසා එයත් අක්‍රිය වුණා. ගෙදරක වුණත් උපකරණයකට වැඩි විදුලියක් ගන්න ගියොත් ට්‍රිප් ඔෆ් වෙනවා. මණ්ඩලේ ඉංජිනේරුවරු දෙපැත්තෙන් හිනාවෙනවා ඇති මෙහෙව් අමනයෝද මේ රටේ ඉන්නේ කියලා.
Dinesh Monday, 11 December 2023 07:27 PM
පිටරට වලට අකුණු ගහන්නේ නැද්ද? මේකේ කියන්නේ සිදුවන දේ වළකාගන්න ක්‍රියාමාර්ග නොගැනීම කියලා. බමුණා වගේ මෝඩයෙක්...
lalindraMonday, 11 December 2023 07:38 PM
හිනාවෙන්නේ ඔබේ අදහස් දැකලා. කොහෙන් හරි අපි බේරාගන්න සුරදූතයෙක් ඇවිත් කියලා. සමහර විට ඔබ ඔවුන්ගෙම කෙනෙක් වෙන්න ඇති. මහත්තයෝ මේ ප්‍රවෘත්තිය මොකක් ගැනද තියෙන්නේ කියලා ඉස්සරවෙලා බලන්නකෝ... මෙවැනි බිඳවැටීම් සිදු නොවීමට කරන්න කියපු නිර්දේශ ක්‍රියාත්මක කරලා නෑ නේද? ආන් එවා නොකරපු ගොබිලන්ට ඇපේටයි ඔය මහත්තයා පෙනී හිටින්නේ...