(අංජුල මහික වීරරත්න)
කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය හේතුවෙන් කොන්ත්‍රාත් කරුවන්ට ගෙවීමට තිබූ රුපියල් මිලියන 1989.75 ක මුදල මේ මස 31 වැනිදාට පෙර ගෙවා අවසන් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයට විසින් අදාල මුදල් ගෙවීමට තිබිණි.
අදාල මුදල ගෙවීමත් සමග කොවිඩ් වසංගතය හේතුවෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය නොගෙවා තිබූ බිල්පත් සියල්ල සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් වන බව අමාත්‍යවරයා කීය.
මීට අමතරව මේ වසරේ කළ සංවර්ධන කටයුතු වෙනුවෙන් ඉදිකිරීම් කොන්ත්‍රාත් කරුවන්ට ගෙවීමට ඇති රුපියල් මිලියන 1112.57 ක මුදලද මේ වසර අවසන් වීමට පෙර සම්පූර්ණයෙන්ම ගෙවා දැමීමට සැලසුම් කර ඇති බවද ඇමතිවරයා කීය.
2025 දෙසැම්බර් මස 18
127
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොරෝනා නිසා පොලු තැබූ මිලියන 1989ක් ගෙවයි
Hafeel Sunday, 10 December 2023 02:19 PM
මෙම ගෙවීම කරන විට ඔවුන්ගේන් කප්පම් ඉල්ලන්න නම් එපා...!
සුනිල් Sunday, 10 December 2023 04:24 PM
ඉක්මනින් ගෙවන්න. එතකොට ඔබේ කොටහත් ඉක්මණින් ගතහැකියිනේ. අනික ඔය කොන්ත්‍රාත්කාකාරයෝත් ඔබලාගේම ගෝලයෝනේ... ඔයාට යන්න අලුත් අපායවල් හැදෙනවා කියලා මතක තියාගන්න...
sara Sunday, 10 December 2023 08:31 PM
කොන්තරාත්තු කාලේ නුඹලාගේ හෙංචයියලා වුණාට සල්ලි දෙන්නේ නැතිව ඊළඟ ඡන්දෙට යන්න බෑ. ඔවුන් තාම ටකරම් පෝච්චිවලට ඡන්ද එකතු කරන්නේ..ඔවුන්ට රටින් වැඩක් නෑ.. තමන්ගේ වාසියට වඩා බඩ ගැන හිතලා... ඔවුන්ගේ ළමයි පිටරට ඉගෙන ගන්නේ. ඒ අයත් කවදා හරි පිටරට යනවා. මේක තමයි පරම සත්‍යය...
chandima Monday, 11 December 2023 03:51 AM
ඩොලර් එක රුපියල් දෙසීයට තියෙද්දී ගෙවන්න තිබුණු නේද මේ ගෙවන්න යන්නේ ?