
(සමන් පාලිත නානායක්කාර )
හල්දුම්මුල්ල සොරගුණේ යපන්න ගමේ නිවසකට නිවසට ඉහළින් තිබූ ගසක් කඩා වැටී නිවසේ කාමරයක නිදා සිටි මව සහ පියා බරපතල තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කළ බව හල්දුමුල්ල පොලිසිය කියයි.
නිවසේ කුඩා දරුවන් දෙදෙනකු ඇතුළු හත් දෙනකු සිට ඇතැයි ද ඔවුන්ට කිසිදු හානියක් වී නැතැයි පොලීසිය කියයි.
මෙම නිවසට ඉහළින් ඇති වේල්ලේ තිබූ ගස කඩා වැටී ඇති අතර එම වේල්ලේ ඉරිතලීම්ද දක්නට ලැබෙන බව පොලිසිය කියයි.
ඔහු සහ ඔහුගේ බිරිඳ මේ වනවිට දියතලාව මූලිකරෝහලට ඇතුළත්ව වැඩිදුර ප්‍රතිකාර ලබමින් පසුවෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd