IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


උඩුගම්පොල උකස් මධ්‍යස්ථානයක් කොල්ල කයි

( තිලකරත්න දිසානායක.)

ගම්පහ පොලිස් කොට්ඨාසයට අයත් උඩුගම්පොල  - නයිවල පාරේ පිහිටි උකස් මධ්‍යස්ථානයකට ඇතුලුවු පුද්ගලයින් දෙදෙනෙකු විසින් එහි සේවිකාවන් තිදෙනෙකුට උල් ආයුධයක් පෙන්වා සේප්පුවෙහි තිබූ මුදල් සහ රන් අබරණ පැහැර ගෙන ගොස් ඇතැයි ගම්පහ මූලස්ථාන පොලීසිය සඳහන් කරයි. 

සේප්පුවෙහි තිබූ මුදල් රුපියල් ලක්ෂ  15 ක් පමණ සහ රුපියල් ලක්ෂ 150 ක් පමණ වන රන් භාණ්ඩ තොගයක් කොල්ලකරුවන් විසින් පැහැරගෙන ගොස් ඇති බවට  පැමිණිලි කොට ඇතැයි පොලීසිය පවසයි. 

උකස් මධ්‍යස්ථානයේ සේවිකාවක් උදෑසන උකස් මධ්‍යස්ථානය විවෘත  කරනවාත් සමගම කොල්ලකරුවන් දෙදෙනා ඊට ඇතුලුවී අනෙක් සේවිකාවන් දෙදෙනාද පැමිණි පසු ඔවුන් සතුව තිබූ සේප්පුවෙහි යතුරු ලබා ගනිමින් කොල්ලකෑම සිදු කළ බවට එම සේවිකාවන් කළ පැමිණිල්ලෙහි සදහන් බවද පොලීසිය කියයි. 



අදහස් (0)

උඩුගම්පොල උකස් මධ්‍යස්ථානයක් කොල්ල කයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 127 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site