( පද්මසිරි ගාර්දියවසම් )    

වීරවිල එළිමහන් සිර කදවුරේ වගාව වන සතුන් ගෙන් රැක බලා ගැනීම සදහා යොදවා සිටි රැදවියෙකු කදවුර රැකවල් කරන බන්ධනාගාර නිළධාරින්ට හොර රහසේ පලාගොස් ඇතැයි වීරවිල පොලිසිය පවසයි.

පලාගිය රැදවියා හොරොයින් නඩුවකට සිර දඩුවම් විදිමින් සිටි අයෙකු බවත් ඔහු සිර දඩුවමින් නිදහස් වීමට තිබුණේ තවත් මාස දෙකකට ආසන්න කාලයක් බවත් පොලිසිය කියයි . 

 36 වන වියේ පසුවන රැදවියා කොළඹ 12 පදිංචි කරුවෙකි . ඔහු සොයා ගැනිමට වීරවිල එළිමහන් සිර කදවුර අවට බන්ධනාගාර නිළධාරින් විසින් සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබූ අතර වීරවිල පොලිසිය සිද්ධිය ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වයි .