(ඩී.ඥානසිරි හෙට්ටිආරච්චිගේ)

අම්පාර නගරයේ ඇඟලුම් ආයතනයක සේවය කරන විවාහක කාන්තාවක් සවස දිය නෑම සදහා ඇලකට ගිය අවස්ථාවේ, ඇයට ලිංගික අපයෝජනයක් සිදුකළ පුද්ගලයකු වරදකරු බවට තීන්දු කළ අම්පාර මහාධිකරණ විනිසුරු නලින්ද හේවාවසම් මහතා, චුදිතට වසර 04 ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කළේය.

එයට අමතරව විත්තිකරුට රුපියල් 10,000 ක දඩ මුදලක් නියම කර, එය නොගෙවන්නේ නම් මාස 03 ක ලිහිල් සිර දඬුවම් සහ වින්දිත කාන්තාවට රුපියල් 150,000 ක වන්දි මුදලක් ගෙවන ලෙස නියමකර, එය නොගෙවන්නේ නම් තවත් වසර 01 ක ලිහිල් වැඩසහිත සිර අඬුවමක් නියම කළේය.

දඩ මුදල් හා වන්දි නොගෙවීමේ සිර දඬුවම් වෙන් වෙන් ගෙවීයා යුතු බවට අධිකරණ තීන්දුව මගින් ප්‍රකාශකර ඇත.