(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැනට මාස පහකට වඩා වැඩි කාලයක සිට අධ්‍යක්ෂක ජනරාල්රවරයකු පත් නොකිරීමෙන් වසර 133 ක දීර්ඝ ඉතිහාසයක් ඇති පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව  ඉතිහාසයේ දරුණුම ඛේදවාචකයට මුහුණ දීමට සිදුවී තිබීම ජාතියේම අභාග්‍යයක් යැයි පුරා වස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති උඩස්ගිරියේ සමිත හිමියෝ පවසති.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නැත්තටම නැතිකර දැමීමට පාලකයන් කටයුතු කරන බවත් අධ්‍යක්ෂ වරුන්, සහකාර අධ්‍යක්ෂවරුන් නොමැති ව ජූනි 15දා සිට මේ දක්වා වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ තිදෙනකු වැඩ කටයුතු කර ඇතැයිද සමිත හිමියෝ කීහ.

උන් වහන්සේ මේ බව සඳහන් කළේ බටලිය පුරාවස්තු සුරකීමේ සංවිධානයේ ප්‍රධාන කාර්යලයේ පැවැති මාධ්‍ය හමුවකදී ය 

රටක උත්තරීතර ආයතනයකට අත්වී ඇති ඉරණම අතිශය කණගාටු දායකය.

මේ අතර තුර සිදුවන අපූර්ව සිදුවීම වන්නේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා බඳවා ගැනීමට ඉල්ලුම් පත් කැඳවීමයි.

එහි සඳහන් ආකාරයට පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් තනතුර බලපැවැත්වෙන්නේ වසර 2කට පමණි.

ඉතිහාසයේ මෙවැනි සිදුවීමක් පෙර සිදු නොවී තිබූ අතර ඔවුනට අවශ්‍ය කෙනකු මේ තනතුරට පත්කර ගැනීමට මේ ආකාරයට කටයුතු කිරීම අතිශය පිළිකුල් සහගතය.

තවද මේ තනතුර වසර 2කට සීමා කිරීමට ඇමතිවරයාට බලයක් තිබේද? යන්න ගැටළුවකි.