(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මිනිසකුගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීමට හැකි වැටුපක් මාධ්‍යවේදීන්ටත් ලබාදීමට කටයුතු කරන්නැයි ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
අද රටේ මාධ්‍යවේදීන් ඉන්නේ බොහෝ දුෂ්කර ආර්ථික තත්ත්වයක බවද රූපවාහිනී වල මෙන්ම පත්තර කාර්යාල වල ලැබෙන දීමනා ප්‍රමාණවත් නැතැයි දිසානායක මහතා කීය.
ජනමාධ්‍ය අමාත්‍යංශයේ වැයශීර්ෂ පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අමතමින් අනුර දිසානායක මහතා මේ බව සඳහන් කළේය.
සමාජයට බොහෝ පණිවිඩයක් ගෙන යන මාධ්‍ය ආයතන වැසී ගියොත් තොරතුරු ගලායාමේ අන්ධකාරයක් ඇතිවෙන බව කී මන්ත්‍රීවරයා මාධ්‍යවේදීන් මුහුණපාන ගැටලුකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් විමසා බැලිය යුතු බව සඳහන් කළේය.
මාධ්‍යවේදීන් වෙනුවෙන් විවිධ ආණ්ඩු නිවාස ,සහන ණය,රක්ෂණ ආදී විවිධ වැඩසටහන් ආරම්භ කළ නමුත් ඒ සියල්ල නතර වී තිබෙන්නේ යැයිද මන්ත්‍රීවරයා කීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරදියේ මාලු බෑම් ඕවා... ඒ අය මෙතුවක් කරලා තියෙන්නේ ගරු සේවයක්ද එතකොට..?
අපි වෙනුවෙන් කතා කරපු ඔබට ස්තුතියි ඇත්තෙන්ම ක් නැතුව පැන්සන් එකක් නැතුව සේවය කරන එකම කණ්ඩායම මාධ්‍යවේදීන් පමණයි පැය 24ම සේවයට කැප වී සිටින කණ්ඩායමක් රෑ දවල් වැස්ස නොතකා ඕන වෙලාවක ින් ඕනම අවස්ථාවක තමන්ගේ සේවය ් අකුරට ඉටුකරන මාධ්‍යවේදීන්ට ඉතා ගෞරවයක් පිරිනිවෙන්න ඕනේ ස්තුතියි
ඉතින් බන් ඒවා ඒ ඒ අදාළ ආයතන කරාවි. උඹ බෙරිහන් දීල වැඩක් නැහැ. හැබැයි උඹල මේ කරන කයිවාරු ගැහිල්ලෙන් පෙනෙනවා උඹලාට එකක්වත් හරියට කරන්න බැරිබව. ජෙප්පන්වම ගොනාට අන්දවපන්. දැන් මාධ්‍ය කාරයින්ගේ පඩි වැඩිකරන්න කීවාම මාද්‍ය කාරයෝ ඔක්කොම ජේවීපී එකට පක්ෂව ලියයි නේද බන්?
එයා කරන්නේ එයාගේ යුතුකම, දෙන කටුවක් කාලා බුරන්නේ නැතුව ඉන්න ටොමියෝ...!
කැට හොල්ලල එකතු කරන සල්ලි වලින් බැරිද ඒ ගොල්ලන්ට මාසිකව ගෙවන්න . දු දරුවොත් පිට රට ඉගෙන ගන්නේ . ලොකු සමාජ මෙහෙවරක් .
හැම දෙයක්ම දේශපාලන කෝණයකින් බලන්න එපා. එක එක දේශපාලන පක්ෂ පිලිබද කාටත් ප්‍රශ්න තියෙන්න පුළුවන්. නමුත් මාධ්‍යවේදීන් වන අප දන්නවා අපිට මොනවද ලැබෙන්නේ, අපි කොතරම් අපහසුතා වලට ලක් වෙනවාද කියලා. බොහෝ කණ්ඩායම් වගේ මාධ්‍යවේදීන් ද විවිධ සංවිධාන වටා රොක් වෙලා. එක එක අරමුණු වෙනුවෙන්. අනුර පාර්ලිමේන්තුවේ දී මොන අරමුණකින් එසේ කීවත් එය ඇත්ත කියලා මම නම් හිතනවා.