(අංජුල මහික වීරරත්න)

ගිලන් භික්ෂූන් වහන්සේලා 68 නමක් වැඩ සිටින හංවැල්ල කළු අග්ගල ගිරා ඉඹුල ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ විදුලිය විසන්ධි කිරීම සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලය විසින් විදුලිබල මණ්ඩලයට එරෙහිව පරීක්ෂණයක් කැඳවා තිබේ.

ජනාධිපති කාර්යාලය මැදිහත් වී විදුලි බල මණ්ඩලයට කතා කොට භික්ෂු ගිලන් මධ්‍යස්ථානයට අද(8) පෙරවරුවේම විදුලි බලය ලබාදීමට කටයුතු කළ බව ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (මහජන සම්බන්ධතා) තුසිත හල්ඔළුව මහතා ලංකාදීපයට පැවසීය.

භික්ෂූන් වහන්සේ නමකගේ දේහයක් එහි තිබියදීම  විදුලිය විසන්ධි කිරීම ගැටලුවක් බව කී හල්ඔළුව මහතා ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීම සඳහා විදුලිබල මණ්ඩලයේ පිරිසක් හිතා මතාම මෙවැනි දේ කරන්නේදැයි පරීක්ෂණ කරන බව සඳහන් කළේය.

මින් ඉදිරියට භික්ෂු මධ්‍යස්ථානයේ විදුලි බිල ගෙවීම  සඳහා අනුග්‍රාහකයකු සොයා දීමට තමා එකඟ වූ බවද ඒ සම්බන්ධයෙන් ගිලන් භික්ෂු  මධ්‍යස්ථානයේ ස්වාමීන්  වහන්සේ සමඟ කතා කළ බවද ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.