(එච් එම් ධර්මපාල)

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි ජිරාෆ් ගෑනු සත්වයින් දෙදෙනාගෙන් වයස (25) ක් වූ එක් ගැහැණු සත්වයකු (07) වන දින හදිසියේ මියගොස් ඇතැයි සත්වෝද්‍යාන ප්‍රකාශකයෙක් පැවසීය.

මෙම සත්වයා පසුගිය දිනවල කකුලේ විශාල තුවාලයක් සෑදී ඇවිද ගැනීමත් අසීරුවෙන් කරමින් නිතර වැතිර සිටිනු දක්නට ලැබු ඵවත් සේවකයින් කියා සිටී .

ඒ අනුව ඉකුත් (07) වනදින සවස සත්වයාගේ කකුලට ප්‍රතිකාර කිරීම සදහා පශු වෛද්‍ය වරුන් සත්වයා නිරිවන්දනය සදහා ප්‍රතිජීවක ඖෂධයක් ලබා දීමෙන් අනතුරු සත්වයා බිම වැතිර ඇති අතර ප්‍රතිකාරවලින් පසු ප්‍රකෘති සිහිය ගැනීමට අපහසුවීම නිසා සත්වයා මිය ගොස් ඇත.